saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 4224 hours ago

LATEST

පළාත් පාලන මැතිවරණයට ගැසට් නිවේදනය නිකුත් කරයි

calendar_today 2023 පෙබ 01 - 09:01 remove_red_eye - 385  

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වනදා පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ. ඒ ඒ දිස්ත්‍රික්කය භාර තේරීම්භාර නිලධාරීන් විසින් මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

සෑම රාජ්‍ය අයතනයකම සේවක සංඛ්‍යාව අඩු කිරීම වෙනුවෙන් මේ දිනවල කටයුතු කරමින් පවතින බවත් කාර්ය භාරයක් නොමැති සේවකයන් වෙනුවෙන් ස්වයං විශ්‍රාම යාමේ ක්‍රමයක් සකස් කිරිමට කටයුතු කරමින් තිබෙන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

2022 සැප්තැම්බර් මාසයෙන් පසු කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය අඛණ්ඩව පහළ ගිය සිව්වැනි මාසය ලෙස ජනවාරි මාසය සැලකෙයි.

Read More

පාසල් පෝෂණ වැඩසටහනේ ආහාර සැපයුම්කරුවන්ට ගෙවීමට තිබූ සියලුම හිඟ මුදල් ගෙවා දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට ජනවරමක් නොමැති බවත් ඔහුට තිබෙන්නේ හැටනව ලක්ෂයේ ජනවරම ඉදිරියට ගෙන යාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ඇතුළු පිරිසක් අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් ඇතුළු සංඝ සභාවට දැනුම් දුන්නේය.

Read More

ආර්ථික මධ්‍යස්ථානවල තිබෙන වෙළෙඳසැල් විශාල ප්‍රමාණයක් මුල් අයිතිකරුවන් විසින් විවිධ පුද්ගලයින්ට අතුරු බදු දී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන බාරව කටයුතු කරන නිලධාරින් හා වෙළෙද සංගම් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.

Read More

මෙහි වර්ග අඩි 678 ක නිවසක් (කාමර 2) රුපියල් ලක්ෂ 85 කි. වර්ග අඩි 850 ක නිවසක් (කාමර 3) රුපියල් ලක්ෂ 107 ක් වන අතර වර්ග අඩි 880 ක නිවසක් (කාමර 3) රුපියල් ලක්ෂ 111 කි. රාජ්‍ය සේවකයින් සදහා මෙහි නිවාස ලබා දී ඇත්තේ එකවර රුපියල් ලක්ෂ 10 ක් ලබා ගෙන ඉතිරි මුදල වසර 3 කින් ගෙවා අවසන් කිරීමේ පදනම යටතේයි.

Read More

පිපිරීමෙන් දිවි ගලවා ගත් පොලිස් නිලධාරියෙකු වන නසරුල්ලා ඛාන් පැවසුවේ කළු දූවිලි වළාවකට පෙර විශාල ගිනිදැල් පිපිරීමක් දුටු බව තමාට මතක බවය.

Read More

මාර්තු 09දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් 80,720 දෙනෙකු ඉදිරිපත්වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

බංග්ලාදේශයට ඩොලර් බිලියන 4.7 ක ණයක් නිදහස් කිරීම වහාම ආරම්භ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය ලබා දී තිබේ. ආර්ථික ගැටලු මධ්‍යයේ පසුගිය වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය සහාය ඉල්ලා සිටි රටවල් තුන අතරින් පළමුවෙන්ම අරමුදල් ලබා ගන්නා රට බවට මේ අනුව බංග්ලාදේශය පත්වෙයි.

Read More

රටක් ලෙස දරණ වියදම් ප්‍රමාණය සැලකීමේදී වසරකට වරක් පවත්වන නිදහස් දිනය වෙනුවෙන් රජය දරන්නේ ඉතා සුළු වියදමක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු මුරලි විජේ අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත.

Read More

ශ්‍රී ලංකාවේ වැඩිම ආදායමක් උපයන යූටියුබ් නාළිකාව බවට ‘අපේ අම්මා’ යූටියුබ් නාළිකාව බවට පත්ව ඇතිබව ඇමෙරිකාවේ සූපශාස්ත්‍ර CashnetUSA.com වෙබ් අඩවිය පවසයි.

Read More

අංක 5 ජෙට් ප්‍රහාරක බලඝණය 1991 වසරේ පෙබරවාරි මස 1 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිහ්‍රයේදී FT-05 ජෙට් පුහුණු ගුවන් යානාවන් දෙකකින් සමන්විතව ආරම්භ කරන ලදි.

Read More

මාසික ආදායම රුපියල් 45000 ඉක්මවන සියලුම දෙනාගෙන් බදු අයකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුලින් තීරණය කර තිබුණ බව එම සාකච්ඡා සඳහා ඒක්වූ අය ප්‍රකාශ කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්දන මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ ආගමික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ව්‍යවසායකයින් පිරිසක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා තීන්දුව ලබා දුන්නේය.

Read More

ස්ත්‍රී දූෂණ නඩුවක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයක් සමථයකට පත් කිරීමට සහ වරෙන්තුවක් ක්‍රියාත්මක නොකර සිටීමට පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලසක් ලබාගත් බවට සැකපිට මැදවච්චිය පොලීසියේ සැරයන්වරයෙකු අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරීන් විසින් අද (31දා) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය

Read More

දැනට රජයේ ආදායම 2023 ජනවාරි මාසය සඳහා වන මාසික වියදමට වඩා බෙහෙවින් පහළ මට්ටමක පවතින බැවින් රජයේ වියදම් තවදුරටත් සීමා කරගත යුතු බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩල සටහනක් තබමින් පෙන්වා දී තිබේ.

Read More

කුලියාපිටිය මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් නව දෙමුහුන් ඇන්තූරියම් විශේෂ 44ක් හා අන්නාසි ප්‍රභේද දෙකක් හඳුන්වා දී තිබේ.

Read More

පාසල් නිල ඇඳුම් නියමිත කාලයේදී ලබාදෙන බවත් එම නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් 70% ක් පමණ ප්‍රමාණයක් චීන ජනරජයෙන් ප්‍රදානයක් ලෙස මෙරටට ලැබෙන අතර එහි පළමු තොගය මේ වන විටත් ලංකාවට ලැබී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවන් වූ චන්දික හතුරුසිංහ හා මිකී ආතර්ට ඔවුන් ඊට පෙර ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කළ කණ්ඩායම් වලම තනතුරු ලැබීමට නියමිත බව වාර්තා වේ.

Read More

’’මම දන්නා පරිදි කතෝලික ජනතාවට කිසිසේත්ම මම ගැන වෛරයක් හෝ ක්‍රෝධයක් නෑ. අවුරුදු 15-16 මම බයිබලය කියවපු විදිහට විශේෂයෙන්ම මගේ පාලන කාලය තුළ මෙවැනි සිදුවීමක් වෙනත් අය කරලා ඒ වැරැද්ද නිසා මට අද වන්දි ගෙවන්න සිදුවෙලා තිබීම පිළිබඳවත් ප්‍රධාන වශයෙන්ම මියගිය ජනතාව හා අත්පා කැඩිලා එකතැන් වෙලා සිටින ජනතාව වෙනුවෙනුත් මම දෙවියන්වහන්සේ වෙනුවෙනුත් මගේ කාලයේ එවැනි සිදුවීමක් වීම පිළිබදව මම සමාව ඉල්ලා සිටිනවා.

Read More

’’මම මේ කිසි දේකින පස්සට යන මිනිහෙක් නෙමෙයි. මොන කුමන්ත්‍රණ කළත් මම බය වෙන්නෙ නෑ. මම නීතියට ගරු කරනවා, අධිකරණයට හිස නමනවා. හැබැයි නෙල්සන් මැන්ඩෙලාගේ චරිතය කියවපු මිනිහෙක්. මේ මොන දෙ තිබුණත් මම මගේ පක්ෂයේ සහයෝගය අරගෙන ඉදිරි ජනපතිවරණයට තරග කරන බව මම කියනවා.’’

Read More

මැතිවරණය ගැන හෝ මැතිවරණ කල් දැමීමක් ගැන කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්නොවූ බවත් මැතිවරණය කල් දමන උපාය මාර්ග ගන්නා ලෙස ජනපතිවරයා ජනපති මාධ්‍ය අංශයට උදෙස් දී නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.

Read More

කැස්බෑව ප්‍රදේශයේ තෙමහල් හෝටලයක ඉහළ කොටසේ සිට බිමට වැටී අද (31දා) අළුයම හෝටලයේ මුදල් අයකැමි වරයා මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය සඳහන් කරයි.

Read More

පූනෑව නාවික හමුදා කඳවුරේ කැප්ටන් වරයෙකු ලෙස ව්‍යාජ රංගනයක යෙදී, කදවුර තුළ ඇති ඩීසල් සහ එන්ජින් ඔයිල් තොගයක් අඩු මිලට දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ විස්සක් රැගෙන පලා ගිය සැකකරුවන් දෙදෙනකු ඊයේ (30 දා) දහවල් අත්අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය පවසයි.

Read More

මෙම බද්ද අනුව ඇතැම් අපනයනකරුවන්ට හා ඉතා කුඩා ලාභාංතිකයක් සහිතව මෙන්ම විශේෂයෙන්ම විදේශීය විනිමය උපයන ක්‍රියාකාරකම් සම්බන්ධ පුද්ගලයන් මෙම අනුපාතිකය ගෙවා දැමුවහොත් තම ව්‍යාපර පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්වෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශයට වාර්තා වී තිබේ.

Read More

තියුණු ආයුධයකින් ලිංගික අවයවය කැපීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු අද (31දා) දහවල් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත යවා ඇතැයි පොලිසිය පවසයි.

Read More

බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතයට අදාළව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.