හෝමාගම දියගම පිහිටි මොරටුව ඉංජිනේරු පීඨයේ කාන්තා නේවාසිකාගාරය ඉදිරිපිට අසභ්‍ය ලෙස හැසිරුණු පුද්ගලයෙකු (06) දා රාත්‍රී අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි .
අත්අඩංගුවට ගත් පුද්ගලයා මීට පෙර අවස්ථා කිහිපයකදී කාන්තා නේවාසිකාගාරයේ සිසුවියන් රැදී සිටින පරිශ්‍රය අවට අසභ්‍ය ලෙස හැසිරී ඇති අතර ඒ පිළිබඳව ආරක්ෂක අංශයට සහ පිරිමි නේවාසිකාගාරයේ රැදී සිටින සිසුන්ට දන්වා තිබුණි.
එහෙත් මෙම පුද්ගලයා අල්ලා ගැනීමට නොහැකි වූ අතර අවස්ථා කිහිපයකදී ඔහු පැන ගොස් තිබුණි .
ඒ අනුව පිරිමි නේවාසිකාගාරයේ සිසුන් පිරිසක් (06) දා රාත්‍රි කාන්තා නේවාසිකාගාරය අවට කැලෑබද පෙදෙසක සඟව සිටියදී රාත්‍රී 9 පමණ මෙම පුද්ගලයා එම ස්ථානයට ත්‍රී රෝද රථයකින් පැමිණ ඔහුගේ ජංගම දුරකථනයෙන් අසභ්‍ය වීඩියෝ බලමින් හැද සිටි කලිසම ගලවා අසභ්‍ය ලෙස හැසිරෙමින් සිට තිබේ.
එම අවස්ථාවේදී සැඟව සිටි තරුණ පිරිස ත්‍රී රෝද රථය අසලට පැමිණ බැලීමේදී මෙසේ අසභ්‍ය ලෙස හැසිරෙමින් සිට ඇති අතර එහිදී ඔහුව අල්ලා ගෙන පහර දී 119 හදිසි ඇමතුම් අංකයට දන්වා පොලීසියට භාර දී තිබුණි .
එම අවස්ථාවේදී සිසුන් 150 පමණ හොරණ මහරගම 280 බස් මාර්ගයට සැකකරු අල්ලගෙන රැගෙනවිත් කොස් ගසක ගැට ගසා තබා මෙසේ පොලිසිය ට භාර දී තිබුණි .
ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සැකකරු සහ ඔහු පැමිණි ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන කැස්බෑව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වති .