පළාත් පාලන නියෝජිතයින් යළි කැඳවීමට අදාලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යොජනා 03 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීත්‍යානුකූලභාවයට පටහැනි ඒවා වන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය පක්ෂ මූලස්ථානයේදී අද (06දා) පවත්වන ලද මාධ්‍ය හමුවට එක්වූ එම නියෝජිතයින් විසින් අවධාරණය කරන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී. දිසානායක සහ සුදර්ශන දෙනිපිටිය යන මහත්වරුන් මෙම හමුවට එක්ව සිටි අතර එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න සඳහා පිලිතුරු ලබා දෙමින් ඔවුහු මේ බව සඳහන් කළහ.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අවධාරණය කර තිබුණේ පාර්ලිමේන්තුවට ඊයේ (05දා) ඉදිරිපත් කරන ලද අදාල යෝජනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි මතය නොවන බවත් ඒවා අදාල මන්ත්‍රීන්ගේ පෞද්ගලික යෝජනා වනු ඇති බවත්ය.
එසේම පළාත් පාලන මන්ත්‍රීන් යළි පත්වීමට නම් මැතිවරණයකින් ජයග්‍රහණය කර පත්විය යුතු වන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.