ගලෙන්බිදුනුවැව පොලිස් වසමේ හුරුුුළු නික වැව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් වස පානය කිරීම හේතුවෙන් දැඩි ලෙස අසාධ්‍ය වී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා (5දා) ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලෙන්බිඳුනුවැව පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 617/3, ජනසිරිගම, ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි එස් .ජී. නිපුනි සෞභාග්‍යයා නැමැති සිසුවියකි.
ඉකුත් 4දා මෙම සිසුවිය ඉගෙනුම ලබන විදුහලට තම පියාගේ දුරකතනය රැගෙන යාමෙන් අනතුරුව එය විදුහල්පතිවරයාට හසු වීමෙන් අනතුරුව පියා පාසැලට රැගෙන ඒමට දන්වා ඇතැයි පොලිසිය කියයි.
මෙම මරණය සම්බන්ධයෙන් මෙම සිසුවියගේ පියා වන හුරුලු නිකවැව ජනසිරිගම ප්‍රදේශයේ පදිංචි එස් .ජී .සිරිසේන මහතා ප්‍රකාශයක් ලබාදී පොලිසියට පවසා ඇත්තේ මෙම සිද්ධිය හේතුවෙන් සිත් තැවුලට පත්ව දැරිය සියදිවි හානිකරගෙන ඇති බව ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුනුවැව පොලිසියේ නිලධාරීහු පිරිසක් විමර්ශන සිදු කරති.
