පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරකට අනුව බෝගහවෙල ප්රදේශයේ පාළු නිවසක් අද (6දා) පරීක්ෂා කිරීමේදී යුධ හමුදාව භාවිත කරන නිල ඇදුම් කට්ටල ඇතුලු උපාංග රැසක් සොයා ගෙන තිබේ.
යුධ හමුදා ඇඟලුම් කට්ටල 03යි, OG නිල ඇදුම් කට්ටල 01 යි, OG නිල ඇදුම් 01 ( කමිසයක් ) මෙහිදී පොලිස් විශේෂ කාර්යාංශය විසින් සොයා ගන්නා ලදි.
මේ දිනවල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පාතාල සම්බන්ධ ඝාතනයන් මර්ධනය කිරීම සදහා සෝදිසි මෙහෙයුම් දියත් කරන ලද හෙයින් යුධ හමුදා සෙබලුන් මෙන් වෙස් ගෙන යම් පාතාල ඝාතනයක් සිදු කරන්නට මේ යුධ හමුදා ඇදුම් ඇතුලු උපාංග පාලු නිවසේ සගවා තබන්නට ඇති බවට පොලීසිය සැකකරයි.
මේ වනවිට ඇල්පිටිය පොලිස් අධිකාරී බල ප්රදේශයට අයත් මාර්ගයන්හි ගමන් ගන්නා කුමන තරාතිරමක වුවද සිවිල් වැසියන් හා රථ වාහන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් දිවා රෑ නොබලා පරීක්ෂා කිරීම සිදු කිරම නිසා මේ යුධ හමුදා නිල ඇදුම් කට්ටල සහ උපාංග ප්රයෝජනයට ගෙන සැලසුම් කළ පාතාල කියාකාරකම් මේ වැටලීම නිසා වලකින්නට ඇති බවට තමන් විශ්වාස කරන බව ද පොලීසිය කියයි.
යුද හමුදා ඇදුම් ඇතුළු උපාංග සගවා තැබීම සම්බන්ධයෙන් කිසිවෙක් සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන නැති බව ද පොලීසිය කියයි. යුධ හමුදා නිල ඇදුම් සහ උපාංග පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් විසින් ඌරගස්මංහන්දිය පොලීසියට භාරදී තිබේ. ඌරගස්මංහදිය පොලිසිය මේ පිළිබදව වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
