saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 4184 hours ago

LATEST

යතුරුපැදි අනතුරින් මෝටර්රථ ධාවනශූරයා මරුට

calendar_today 2023 පෙබ 11 - 22:00 remove_red_eye - 1606  

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මෝටර්රථ ධාවන ශූරයෙකු වූ කෞෂල්‍ය සමරසිංහ සිය දිවිගමනට සමුදී ඇත. අද (11දා) උදෑසන හොරණදී සිදුවූ හදිසි අනතුරකින් ඔහු‌ මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත.

ඉන්දියාවේ කල්කටා නුවර පැවති තුන් වන අන්තර්ජාතික ’’ රංග සේනා ’’ නාට්‍ය උළෙලේදී ශ්‍රී ලාංකික තරුණ නාට්‍යවේදියකු වන දේවින්ද වික්‍රමසිංහ මහතාට ’’ රංග නාට්‍ය ශාස්ත්‍ර ’’ නැමැති සුවිශේෂී ගෞරව සම්මානයක් හිමි වී ඇති අතර ඔහු එය රැගෙන 02/11 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

මැතිවරණ නිතිය අනුව එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල සීමා කර ඇති බැවින් එම නීතියට හසුනොවී සූක්ෂම ලෙස ප්‍රචාරක කටයුතු සිදුකරන නව ක්‍රමවේදයක් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන අපේක්ෂකයින් දැනුවත් කිරීම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (10දා) සීගිරියේ දී සඳහන් කළේය.

Read More

ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට හැටන් සහ රත්නපුර මාර්ගය ඔස්සේ ඊයේ දින සිට (10) දින විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණිම නිසා ශ්‍රි පාද මාර්ගයේ වන්දනාකරුවන් දිගු පොලිම් වල රැදි සිටින බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

Read More

වාලම්පුරියක් රු කෝටි හයකට අලෙවි කිරිමට සුදානම් කර තිබියදි එම වාලම්පුරිය සහ සැකකරුවන් දෙදෙනෙකු නුවරඑලිය මිපිලිමාන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් (11) දින අලුයම අත්අඩංගුවට ගෙන සැකකරුවන් දෙදෙනා සහ වාලම්පුරිය හැටන් පොලිසියට භාර දි ඇත.

Read More

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් නවයාලතැන්න ජම්බුගහපිටිය මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන්ර ථයක තිරිංග ක්‍රියා විරහිත වීම නිසා මාර්ගයේ ගමන් කරමින් සිටි උපකාරක පන්තියකට ගොස් පැමිණෙමින් සිටි 14 හැවිරිදි දියණිය සහ ඇයගේ 47 හැවිරිදි පියා වෑන් රථයට යට වීමෙන් ජීවිතක්ෂයට පත්ව .තිබේ.

Read More

තල්මස් විශේෂයක් අද (11දා) අලුයම කන්දකුලිය කුඩාව වෙරළ තිරයට පැමිණ සිටියදී ධීවරයින් හා වනජීවි, නාවික,පොලිස් කන්ඩායම් සමග විදේශීකයින් පිරිසක් එී නැවත මහ මුහුදට රැගෙන යාමට කටයුකු කල බව කල්පිටිය වනජීවි කාර්යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ වගා කරන කටු අනෝදා සඳහා ඇමරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, චීනය, ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, හොන්කොන්ග්, කැනඩාව , මාලදිවයින හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැනි රටවල් ගණනාවකින් ඉහළ ඉල්ලුමක් පවතී.

Read More

පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේදී සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම නම් කරන ලද සාමාජික මන්ත්‍රී නාමලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

කොළඹ බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් තුළ දී, දිළිදු පවුල් වල පුද්ගලයන් මුදල් දෙන බව පවසා මුළා කරමින් ඔවුන්ගේ වකුගඩු ලබා ගැනීමේ ජාවාරමට අදාළ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු ඊයේ රාත්‍රී ඩුබායි රාජ්‍යය වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරීවරයෙකු ද සනාථ කළේය

Read More

ශ්‍රී ලංකාවේ බුත්තල ප්‍රදේශයට දැනුන භූමිකම්පාව ඉන්දු- ඔස්ට්‍රේලියානු තලයේ බිඳී යාමක් හේතුවෙන් ඇති වූවක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

Read More

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම නම් කරන ලද සාමාජික මන්ත්‍රී නාමලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

ජෛව ස්කන්ධ බොයිලේරු( Biomass Boiler) ව්‍යාපෘතිය වෙනුවෙන් නෙස්ලේ ලංකා සමාගමෙන් රුපියල් බිලියනයක දැවැන්ත ආයෝජනයක්.

Read More

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සරථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෙට දිනයේදී ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව හෙට දිනයේදී දිවයිනේ සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

රත්නපුර ගොඩකවෙල දිසා රෝහලේ වසරකට වැඩි කාලයක සිට x-ray යන්ත්‍රයක් සහ විශාල විදුලිජනක යන්ත්‍රයක් විනාශයට පත්විම හෙතුවෙන් රෝහලෙන් සේවාවන් ලබා ගැනිමට පැමිණෙන රෝගින් දැඩි අපහසුතාවයකට පත්වන බව රෝගීන් සහ ප්‍රදේශයේ ජනතාව කියති.

Read More

විපතට පත් තුර්කි ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9දා) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

බුත්තල පැල්වත්ත ප්‍රදේශය හා වැල්වාය කේන්ද්‍රකර ගනිමින් මැග්නිටියුට් ඒකක 03ක භු චලනයක් අද (10) දහවල් වාර්තා වු බව මොණරාගල ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර මහතා පවසයි.

Read More

තමාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2008 වර්ෂයේ සිදු කළ පැමිණිල්ලකට මෙතෙක් එප්පාවල පොලිස් ස්ථානයෙන් නිසි පරිදී රාජකාරී ඉටු කර සාධාරණයක් ඉටු නොවූ බව පවසමින් එප්පාවල පොලිස් ස්ථානය ඉදිරිපිටදී පුද්ගලයකු අද (10) උදෑසන මාරාන්තික උපසාවයක් ආරම්භ කරනු ලැබීය.

Read More

පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේ රාජා මහතා අද (10) කියා සිටියේය.

Read More

ජපානයේ මිට්සුබිෂි සමාගම ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර තිබේ. වසර 60කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් දුන් මිට්සුබිෂි සමාගම ලබන මස 31 දා සිට ලංකාවේ සිය මෙහෙයුම් අවසන් කිරීමට නියමිතව තිබේ.

Read More

මාමණ්ඩිය සහ බැණා අතර ඇති වු ගැටුමකින් මාමණ්ඩිය ජිවිතක්ෂයට පත් වි ඇති බවත්, සැකකාර බැණා ඊයේ (09) දින රාත්‍රියේ හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

තම බැංකු ගිණුම් හා බැංකු කාඩ්පත් වලට අදාළ රහස්‍ය තොරතුරු අන් අයට දැන ගැනීමට සැලැස්වීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන තායිලන්ත සතිඅන්ත වෙළඳපොළ සැණකෙළිය ලබන 12 දා කොළඹ 07 සියාම් නිවසේදී පැවැත්විමට කටයුතු සංවිධානය කර තිබේ.

Read More

2048 වන විට ශ්‍රී ලංකාව තිරසර සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම උදෙසා සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම, නියාමනය හා පසුවිපරම් උපායමාර්ගික ක්‍රියාවලින් දියත් කිරීමේ අරමුණින් ‍පිහිටුවීම යෝජිත ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවට අදාළ සංකල්ප පත්‍රිකාව පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා (07) පැවැත්විණි.

Read More

හිටපු නාවික හමුදාපති වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව ලැබී ඇති තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රජය විසින් ගෙන ඒමට යෝජිත නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීම සදහා කඩිනමින් සකස් කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Read More

රට බෙදන, රට ලේවිලක් ගිනි ගොඩක් බවට පරිවර්තනය කරන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය බෙදීම සම්පූර්ණ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද දින (09) පාර්ලිමේන්තුව අමතමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

Read More

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණයට තරග කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් කර කිව්.ආර් කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.

Read More

දුම්රිය රියදුරන් මුහුණ දී සිටින ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකරීම හේතුවෙන් අද (9දා) රාත්‍රී 9.00 සිට වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට ලොකොමොටිව් ඉංජිනියර්ස් වෘත්තිය සමිතිය තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.