ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මහතා පැය කිහිපයක කෙටි සංචාරයක් සඳහා හෙට (28දා) රාත්රියේ දිවයිනට පැමිණීමට නියමිතය. පැපුවා නිව්ගිනියාවේ සිට ආපසු ප්රංශය බලා යනවිට මෙසේ කටුනායකට පැමිණීමට නියමිතව තිබේ.
ඔහු දිවයිනට පැමිණීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. ප්රංශ ජනාධිපතිවරයා පැය කිහිපයක් කොළඹ රැඳී සිටීමට නියමිතය.බජනාධිපති වික්රමසිංහ මහතා පසුගියදා ප්රංශයේ නිල සංචාරයක නිරත විය.