අම්බලන්ගොඩ ප්රධාන පාසලක සිසුන් දෙපිරිසක් ඊයේ (26) පස්වරුවේදී ගැටී සිසුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් ගැටුමට සම්බන්ධ යයි සැකකෙරෙන සිසුන් හතර දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොල්වත්ත ප්රදේශයේදී මේ සිසු ගැටුම ඇතිවී ඇති බවත් එම ගැටුම පිළිබදව සැලවී පොල්වත්ත මංසන්ධියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එම ස්ථානයට ගොස් මේ ගැටුම්න් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බවත් ගැටුමට සම්බන්ධ යයි සැකකෙරෙන සිසුන් සිව් දෙනෙකු සිය ස්ථානයට භාර දුන් බවත් අම්බලන්ගොඩ පොලීසියේ පකාශකයකු කීවේය.
ගැටුමෙන් තුවාල ලත් එක් සිසුවෙකුට තවත් සිසුවකු එල්ල කරන ලද පොලු පහරකින් සිහිසුන්ව වැටී සිටි බව ද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ නගරයේ පැවති පෞද්ගලික උපකාරක පංතියක් නිමාවීමෙන් පසු ගැටුම ඇතිවී තිබෙන බවත් පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොල්වත්ත පදිංචි සිසුවෙකු ඇල්පිටිය පදිංචි සිසුවකුගෙන් අතමාරුවට යම් මුදලක් ඉල්ලාගෙන ඇති බවත් ඇල්පිටියේ පදිංචි සිසුවා ඔහුගේ මිතුරන් පිරිසක් සමග අත මාරුව ඉල්ලාගත් සිසුවාගෙන් තමා දුන් අත මාරුව ඉල්ලා ගැනීමට ඔහුගේ පොල්වත්ත නිවසට යමින් සිටියදී දෙපාර්ශවය අතර ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් සිසු ගැටුම ඇතිවී ඇති බවත් පොලීසිය කියයි.
ගැටුමෙන් තුවාල ලබා රෝහල් ගත කොට ඇත්තේ අත මාරුව දුන් සිසුවා සහ අත මාරුව ගත් සිසුවා බව ද පොලීසිය කියයි.
ඔවුන් දෙදෙනා සහ ගැටුම සම්බන්ධයෙනඅත් අඩංගුවට ගත් සිසුන් තිදෙනාම අම්බලන්ගොඩ ප්රධාන පාසලක සිසුන් බවත් සැකකාර අනෙක් සිසුවා බලපිටිය ප්රදේශයේ පාසලක සිසුවෙක් බවත් ඔවුන් හය දෙනාම සම වයසඅධයන පොදු සහතික පත්ර විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවන් බවත් පොලීසිය කියයි.