ඔක්සිජන් විකුණා සූදු ගැසූ අපුර රෝහලේ සේවකයා අල්ලයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් සඳහා ලබා දෙන ඔක්සිජන් සිලින්ඩර, කාලයක සිට සොරකම් කර ඒවා අඩු මුදලට විකුණා, එම මුදලින් සූදු ක්‍රීඩාවේ නිරත වූ එම රෝහලේ ඔක්සිජන් සිලින්ඩර භාරව කටයුතු කළ පුද්ගලයෙකු ඊයේ (25 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඔක්සිජන් සිලින්ඩර කාමරේ භාරව කටයුතු කළ තිරප්පනය නිවාස 10 ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු කාලයක සිට මෙම ජාවාරම සිදු කර ඇති බවත් ඊයේ තලාව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අඩි 4ක් උස ඔක්සිජන් සිලින්ඩර තුනක් රුපියල් 60,000 ක මුදලකට විකිණීමට යාමේදී, පොලිස් උපාය දූතයෙකු ලවා සැකකරු ඔක්සිජන් සිලින්ඩර තුන සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර අවස්ථාවකදීද ගංජා ජාවාරමක නිරත වී පොලිසියට අත්අඩංගුවට පත්ව වැඩ තහනමකට ලක්ව, නැවත සේවයේ පිහිට වූ අයෙකු බව පොලිසිය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
