saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 4172 hours ago

LATEST

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට දහසින් බැඳි පියලි

calendar_today 2023 පෙබ 14 - 15:01 remove_red_eye - 928  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩිකාවන්ට දෙන තරග දීමනා තුන් ගුණයකින් ඉහළ නැංවූ බව නිවේදනය කර ඇත.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කඩවත කොටසේ ඇස්තමේන්තුව රුපියල් බිලියන 158 සිට රුපියල් බිලියන 265 වැඩි වී ඇති බවත් ඒ සඳහා අවශ්‍ය ණය චීන එක්සිම් බැංකුවෙන් ලබාදීම අත්හිටුවා ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

පළාත් පාලන මැතිවරණය කල් යා හැකි බවට ඉඟියක් මැතිවරණ කොමිසමේ අද පැවැති පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමේදී නිර්මාණය වී තිබේ.

Read More

අත්‍යාවශ්‍ය සේවා හා ප්‍රවාහන පහසුකම් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය සැපයුම් පද්ධතිය නවීකරණය කිරීම වෙනුවෙන් ජපාන ආර්ථික හා සමාජ සංවර්ඡන වැඩ සටහන යටතේ ශ්‍රී ලංකාව වෙත ජපන් යෙන් බිලියන 5ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 38) ප්‍රධානයක් ලෙස ලබාදිමට නියමිතව තිබේ.

Read More

එක්දින පිටියේදී සුවිශේෂී වාර්තා තැබූ, ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ වේගපන්දු යවන්නෙකු වන චමින්ද වාස්ගේ සුවිශේෂී වාර්තාවකට අද දිනට දශක දෙක සම්පූර්ණ වේ.

Read More

රාජ්‍ය අංශයේ සියළුම ආයතන වල ගෙවීම් සහ අය කිරීම් සඳහා විද්‍යුත් ගෙවීම් පහසුකම් සැලසීම අනිවාර්ය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඩිනම් ක්‍රියමාර්ග ගන්නා ලෙස තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දෙයි. තාක්ෂණ අමාත්‍යාංශයේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දෙන ලදි.

Read More

වසර කිහිපයක සිට පොහොර සමාගම්වලින් රසායනික පොහොර හා කාබනික පොහොර මිල දී ගැනීම නිසා රුපියල් මිලියන 17,000ක මුදලක් එම සමාගම්වලට රජය විසින් ගෙවිය යුතු බව අදාල පොහොර සමාගම් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

Read More

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්රි‘කට් තරගාවලියේ සත්කාරක දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 65 ක දැවැන්ත පරාජයක් ලැබීමට නවසීලන්තයට සිදුවිය.

Read More

කිසිසේත් ඡන්දය නොපැවැත්වීමේ අදහසක් රජයට නෑ. තිබෙන මුදල් තත්ත්වය පිළිබඳව සෑම මසකම දැනුවත් කරනවා. භාණ්ඩාගාරයට ලැබුණ මුදල හා එය වියදම් කරන ආකාරය දැනුම් දෙනවා. රජය සතයක්වත් ඉතිරි කර ගන්නේ නෑ. මීට පෙර සියලුම ආණ්ඩු වියදම් දරලා තියෙන්නේ ණය ගැනීමෙන් හා මුදල් අච්චු ගැසීමෙන් ණය ගෙවීම් පැහැර හැර ඇති නිසා ණය ගන්න බෑ.

Read More

බොරැල්ලේදී ආරක්ෂක අංශ සාමාජිකයෙකුගේ කාන්තාවකගේ පපුවට වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

Read More

ඒ් නිසා දිගින් දිගටම ඇතිවන අයවැය පරතරය තුළ ලංකාවේ සියලුම ආණ්ඩු කර තිබෙන්නේ මුදල් අච්චි ගැසීමයි ණය ගැනීමයි. මුදල් අච්චු ගැසීමෙන් පමණක් ලෝකයේ කිසිම රටක් දියුණු කරන්න බෑ කියලා න්‍යායක් තිබෙනවා.

Read More

කුලියාපිටිය මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අමිල සම්පත් ආරියසේන මහතාගේ නිල මෝටර් රථය කොල්ලකෑ සැකකරු වත්තල ඔලියමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

මේ අනුව වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් බීම බට හා කැලතීමේ උපකරණ, ප්ලාස්ටික් වලින් නිර්මාණය කරන ලද යෝගට් හැදි මෙන්ම වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් කෝප්ප, පිගන්, යෝගට් කෝප්ප, හැදි, ගෑරුප්පු හා ප්ලාස්ටික් පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික් වලින් නිර්මිත ඉදි ආප්ප වට්ටි 2023/06/01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, විකිණීම, දේශීය වශයෙන් භාවිත කිරීම තහනම් වෙයි.

Read More

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් කල පරීක්ෂණයකට අදාලව පානදුර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති වරයා සහ කොස්තාපල් වරයෙකු අද (13) පස්වරුවේ මහනුවර විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ප්‍රශ්න කිරීම සදහා රැගෙන ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

Read More

ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍යාධාර යටතේ මෙරට වී වගා කරන ගොවීන් ලක්ෂ 12කට මුදල් ගිණුම්ගත කිරීමේ වැඩ පිළිවෙළ දේශපාලන පක්ෂ දෙකකට සහයෝගය දක්වන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරින් පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයට තොරතුරු ලැබි තිබේ.

Read More

වර්ෂ 1960 න් උපන් එම නම හිමි හැඳුනුම්පත අයත් කාන්තාව සොයා පරීක්ෂණ පැවැත්වීමේදී ඇය මීට වසර කිහිපයකට ඉහත දී මියගොස් ඇති බවත් ඇයගේ පුතු දෙහිවල ප්‍රදේශයේ අයෙකු වන තදින් මත් කුඩුවලට ඇබ්බැහි වූවෙකු බව ද පොලිසිය කියයි.

Read More

වී මිලදී ගැනීමට සහ පවුල් ලක්ෂ 20ක් සඳහා සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් ලබාදීමට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගත් 18,000කට හිඟ විශ්‍රාමික පාරිතෝෂික ගෙවීමට මන්දපෝෂණය අවම කිරීමට අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට- කඩිනමින් මුදල් නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

Read More

විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලබන 15 වැනිදා දැනුම් දීමට නියමිත අවසන් තීරණය ගැනීමට පෙර විදුලි බල මණ්ඩලය සහ එම කොමිෂන් සභාව හමුවී සාකච්ඡා කරන ලෙස ජාතික සභාව අද (13) පාර්ලිමේන්තුවේදී අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

Read More

මහ කන්නයෙ වී අස්වැන්න මේ වන විට පුත්තලමේ ගොවින් නෙළමින් සිටිති. නමුත් නෙළා ගන්නා අස්වැන්න තුට්ටු දෙකට මීලදි ගැනිමට මහා පරිමාන වී මුදලාලිලා තම තැරැව්කරුවන් හරහා සියලු කටයුතු කරමින් ඇත්තේ ගොවින් මාස හතරකට ආසන්න කාලයක් විවිධ බාධක මැද තම දහඩිය වගුරමින් සරුකල අස්වැන්න බව ඔවුහු පවසති.

Read More

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව මේ වනවිට 21 ක් වතාවක් කල් දැමීම සඳහා සැලසුම් සකස් කළ නමුත් ඒ සියල්ල ව්‍යර්ථ වී ගිය පසුබිමක නව කුමන්ත්‍රණයක් මගින් මැතිවරණයට මුදල් නොදී සිටීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

Read More

සිගරට් බදු අයකිරීමට විද්‍යාත්මක බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මේ වසර තුළදි රජයට ලබා ගත හැකිව තිබූ රුපියල් බීලියන 50කට ආසන්න මුදලක් රජය අහිමිකර ගන්නා බවට අධ්‍යනවලින් සනාථ වී ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ඇඩික්) පවසයි.

Read More

තුර්කි - සිරියා භූ කම්පනය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 36,000ක් ඉක්මවා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

මධ්‍යම කඳුකරයට සති කීපයක් තිස්සේ පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.

Read More

චීන මෝටර් රථ සම්බන්ධයෙන් විදේශීය වෙලඳපොලවල ඔවුන්ගේ ජනප්‍රියත්වය ඉහළ යන අතර 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදීද චීනයේ මෝටර් වාහන අපනයනය කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇතැයි එරට වාහන අපනයනකරුවෝ විශ්වාසය පළ කරති.

Read More

තෙල් පෝලිම් ඇති වීම වැලැක්වීමට මම යෝජනා කලේ මීට වසර දෙදහකට පෙර රෝමන් අධිරාජ්‍යය තිරිගුපිටි පෝලිම් නැති කරන්න භාවිතා කළ ක්‍රමයමයි. කාලය ගෙවී ගියත් මේ ප්‍රශ්නයට තියෙන්නේ විසඳුම් දෙකක් විතරයි. ඒ තමයි එදා රෝම අධිරාජ්‍ය කරපු විදිහටම මිල වැඩි කිරීමෙන් ඉල්ලුම කළමනාකරණය කිරීම. සලාකයක් හඳුන්වාදීමෙන් සැපයුම කළමනාකරණය කිරීම.

Read More

තම එකොළොස් හැවිරිදි බාල සහෝදරයාට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන අයියා ඊයේ (12දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර නගරාසන්නයේ ගමක පදිංචි, 22 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

Read More

ජලයේ ගිල්විය හැකි මෙන්ම ගුවන්නේ පියාසර කළ හැකි ඩ්‍රෝනයක් පිළිබඳව මූලාකෘතියක් නිර්මාණය කිරීමට චීන පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.

Read More

දෙමටගොඩ ජලශක්ති දුම්රිය එංජින් රියදුරන් ආරමභ කර තිබූ දුම්රිය වර්ජනය අවසන් කර තිබේ.

Read More

’’අද හදිසි වෙඩි ප්‍රහාරයක් මට එල්ල වෙනවා. ඒ වෙඩි ප්‍රහාරයත් එල්ල වෙනවාත් සමගම මොකක්ද වුණේ කියන්න දන්නේ නෑ. මගේ ජීවිතයට දැඩි අනතුරක් තියෙනවා මේ වෙලාවේ. කුමන හේතුවක් නිසා කවුරුන් මෙම වෙඩි ප්‍රහාරය තිබ්බද කියලා නිශ්චිත හේතුවක් නෑ.නැගෙනහිර, මඩකලපුවේ මම අවුරුදු 30ක් ගත කළත් මෙවැනි වෙඩි ප්‍රහාරයකට මුහුණ දුන්නේ නෑ. මේ ගැන කනගාටුවක් තියෙනවා.’’

Read More

දුම්රිය ඒන්ජින් රියදුරන්ට විවිධ කොන්දේසි පැනවීමට තමයි ඔවුන් විරෝධය දක්වන්නේ. විශේෂයෙන්ම රාත්‍රී කාලයට සේවයට පැමිණෙන මේ කණ්ඩායම්වල පැමිණීම හා පිටවීම පිළිබඳ දැඩි අධීක්ෂනයට ලක්වීම තමයි මේ සදහා හේතුව වෙලා තියෙන්නේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.