වැලිපැන්න ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතකාගාරයක් වටලා එය පවත්වාගෙන ගිය කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකු අඩංගුවටගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
එම ස්ථානයේ ගැට ගසා සිටි මී ගවයින් 13 කු හා මැරිමට උපයෝගී කරගත් තියුණු ආයුධ ඇතුළු උපකරණ රැසක් පොලිස් බාරයට ගෙන ඇත.
නීති විරෝධී විරෝධී ආකාරයෙන් ගවයින් මරන බවට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.
එම ගව ඝාතකාගාරය පරික්ෂා කිරීමේදී මරණ ලද මී ගවයන්ගේ අවශේෂ කොටස් රැසක් දක්නට ලැබුණු බව පොලීසිය කියයි.
සැකකාර කෝටිපති මැණික් ව්‍යාපාරිකයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා වැලිපැන්න පොලිසිය වෙත භාරදී ඇත.