මැදගම පොලීසියේ උප පොලිස් පරීක්ෂාවරියගේ වැඩ තහනම්
මැදගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයකරන උප පොලිස් පරීක්ෂකවරියකගේ සේවය මූලික විමර්ශනයකට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම්කිරීමට මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතා විසින් පියවරගෙන ඇත.
මැදගම පොලිස් වසමේ අංක 48 ලුනුමිදැල්ලගොඩපාර සේනාපති අයිවෙල ලිපිනයේ පදිංචි ජේ.එම් සමන් නයනසිරි බණ්ඩාර යන අයගේ නිවස ඉකුත් 2023/07 වෙනි මස 21-23 අතර කාලයේදී බිඳ නිවසේ තිබූ දේපළ සොරකම්කිරීම සම්බන්ධයෙන් දේපළ වල වටිනාකම සහිතව මැදගම පොලිස් ස්ථානයට ඉදිරිපත්කර තිබූ සොරකම්කරන ලද එක්ලක්ෂ විසිපන්දහසක් වටිනා කාන්තා නිමි ඇඳුම්,රුපියල් විසිපන්දහසක් වටිනා පිඟන්,වීදුරු සහ පීරිසි වල වටිනාකම සඳහන් නොකරමින් පැමිණිල්ල සටහන්කර ඇත.
ඒ අනුව මෙම නිලධාරිනිය පොලිස් නියෝග පොතේ ඒ/07/බී පරිශිෂ්ඨය අනුව 1.අපකීර්තිදායක හැසිරීම 2.රාජකාරි පැහැර හැරීම 3.යම්කිසි ලිපි ලේඛනයක හෝ පොතක යම් අවශ්‍ය සටහනක් නොලියා හැරීම 4.දැනදැනම රාජකාරි ලේඛනයක හෝ පොතක අසත්‍ය ප්‍රකාශයක් ලිවීම යන විෂමාචාර ක්‍රියාවන් සිදුකර ඇත.
ඒ අනුව 2023/07/26 වෙනි දින සිට වහමා ක්‍රියාත්මක වන අපරිදි මූලික පරීක්ෂණයකට යටත්ව මෙලෙස වැඩ තහනම්කර ඇත.
popular news
-
Samantha Sunday, 30 July 2023 02:13 PM
ඔය පොලිස් කාන්තාව පොලීසියෙ ලොක්කෙකුට ඉල්ලපු වෙලාවෙ නිදාගන්න බෑ කියන්නැති. නැත්නම් ඕවගේ වැරදි අනන්තවත් වෙද්දී ඒ අයට මොකවත් නැත්තේ ඇයි. නීතිය නැවිලා ලොක්කගෙ සාක්කුවෙ තියෙන්නේ . ඒකයි මිනිස්සු රට දාලා යන්නෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

