වෙහෙරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශයේ කටයුතු ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට නැවතත් තම දෙපාර්තමේන්තුව භාරයට ගන්නා බව මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.
ගිවිසුමක් අනුව මේ වනවිට රියදුරු බලපත්‍ර මුද්‍රණ අංශයේ කටයුතු යුද හමුදාව මගින් සිදුකරනු ලබයි. කෙසේ වෙතත් එම කටයුතු යළි පවරා ගැනීමෙන් අනතුරුව කටයුතු අඛණඩව පවත්වාගෙන යාම සඳහා දෙපාර්තමේන්තුවේ සේවකයන් පිරිසක් පුහුණු කරමින් සිටින බවද ඔහු පැවැසීය.