වාණිජ මට්ටමේ ‘පැකට් කළ විට’ කෑම හේතුවෙන්වයස අවුරුදු 20ට අඩුදරුවන්ගෙන් ඉතා කෙටි කලක් තුළ පූර්ව මුඛ පිළිකාරෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේ තත්ත්වය මෙරට තුළ මේ වනවිට ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහන අවධාරණය කරයි.
එම වැඩසහහන පෙන්වා දෙන්නේ,‘පැකට් කළවිට’ කා සුළු කලකින්පූර්ව පිළිකා ලක්ෂණ පහළවන බවත්, ඒ අනුව දරුවාගේ තොළ වටා සුදු පැහැයක් තිබේ නම්, එය නව පන්නයේ විට කෑමේ ප්‍රතිඵලයක් ලෙස මතුවන පූර්ව පිළිකා ලක්ෂණ වන බවත්ය.
එසේම ‘ගොඩ වෙදකම්වලට’යාමෙන් තත්ත්වය දරුණු වන බව පෙන්වා දෙන ජාතික පිළිකා මර්දන වැඩසටහන, සුදුසුකම් නොලත්, එහෙත් වෛද්‍යවරුන් යැයි කියා ගන්නා පාර්ශ්වයන්ගෙන් උපදෙස් ලබාගැනීමට යාමෙන් දැඩි අවදානමක් උද්ගත වන බවද පවසා සිටියි.
වාණිජ වශයෙන්‘පැකට් කළ විට’කෑමේ ප්‍රවණතාවක් මෙරට තරුණ ප්‍රජාව තුළ මේ වනවිට දක්නට ලැබෙන අතර, ඒ අනුව වයස අවුරුදු 20ට අඩු පාසල් දරුවන් ඊට යොමුව ඇති බවට අනාවරණයවී තිබේ. එසේම මෙම තත්ත්වය ශීඝ්රලෙස වර්ධනය වෙමින් පවතින බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ලෝක හිස සහ ගෙල ආශ්රිත පිළිකා දිනය හෙටට (27දා) යෙදී ඇති අතර, ඊට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (26දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කිරීමට විෂය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු කටයුතු කළහ.