මේ වසරේ දෙවන භාගයේදී තවත් ශ්රී ලාංකිකයන් 7,000 කට දකුණු කොරියාවේ සේවය කිරීමට වීසා නිකුත් කරන බව ශ්රී ලංකාවේ කොරියානු ෙ තානාපති මියොන් ලී මහත්මිය ප්රකාශ කළාය.
කොරියාවේ ශ්රී ලාංකික ශ්රමිකයින් 25,000ක් සේවයේ යෙදී සිටින බවත්, මේ වසර අවසන් වන විට එය 32,000 දක්වා වැඩි කරන බවත් තානාපති මියොන් ලී ප්රකාශ කළාය.
නව කොරියානු තානාපතිනිය ඊයේ (ජූලි 25) අරලියගහ මන්දිරයේදී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී මේ බව අනාවරණය කළාය.