saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 3853 hours ago

LATEST

විදේශ ශ්‍රමිකයින්ට දෙන තීරු බදු සහනය ඉහළට

calendar_today 2023 අප්‍රේ 27 - 15:19 remove_red_eye - 1307  

විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොලේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ නැංවීම මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවද, ඒ සදහා වන චක්‍රෙල්ඛය නිකුත් කර තිබෙන බවද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයෙන් අනතුරුව පැවැත්වෙන ඡන්ද විමසීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව කී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හෙට දිනයේදී අත්‍යාවශ්‍යම කරුණකට කොළඹින් බැහැරට ගමන් කිරීමට සිදුවීම හේතුවෙන් ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සිටීමට නොහැකි වන බවයි.

Read More

සිය ටෙස්ට් දිවියේ මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත්වූයේය. ඒ අයර්ලන්තයට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදීය.

Read More

තමන්ගේ මව් භාෂාවෙන් ඉගෙන ගැනීමට මඩකලපුවේ වෙසෙන සිංහල ජනතාවට ඇති අයිතිය අද දිනයේ දිස්ත්‍රික්කයේ එකම සිංහල විද්‍යාලය අරභමින් තවහුරු කල බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ යෝජනාවට නිදහස ජනතා සභාව විරුද්ධව අද(28) ඡන්දය ප්‍රකාශ කරන බව එම සභාවේ මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද( 27 ) පැවසීය.

Read More

අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේ ඊයේ (26) රෑ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිදු කරන ලද පිහි ඇනුමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

ප්‍රමිතියෙන් තොර ශරීරයට අහිතකර රූපලාවන්‍ය ආලේපන ඇසුරුම් කරන ජාවාරමක යෙදී සිටි පුද්ගලයකු පිටකොටුව දෙවන හරස් වීදියේ ආලේපන වෙළඳ සැලක් තුළ දී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය කියයි.

Read More

මුලතිව් වව්නිකුලම් වැවේ දියනාමින් සිටි සොහොයුරන් ‍දෙදෙනෙකු ඊයේ (26) දින දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි මල්ලාවි පොලීසිය පවසයි.

Read More

කොරියා රැකියා සඳහා වසරකට 6500ක රැකියා කෝටාවක් ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් බඳවා ගන්නා බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Read More

වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට ඇමෙරිකාවට ඇතුළුවීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය විසින් තහනමක් පනවා තිබේ.

Read More

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවත්නා සේවා ගැටලු හා අඩුපාඩු පිළිබඳ ව විධිමත් ව පරීක්ෂා කර බලා කඩිනමින් විසඳුම් වාර්තා කරනු පිණිස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කමිටුවක් පත් කර ඇත.

Read More

පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරියක ගෙල කපා ඇයගේ නිවස තුළදී ඝාතනය කර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

Read More

නීතිපති සහ නීති ප්‍රවීණයන් අතර පැවති සාකච්ඡාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ලබාගැනීමට අදාළව සිංගප්පූරුවේදී නඩු පැවරීමට එකගත්වයක් පළ නොවූ බවට පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ප්‍රකාශයට පත්විය.

Read More

බදු වපසරිය පුළුල් කිරීමේ අරමුණෙන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පණතට සුවිශේෂි සංශෝධන කිහිපයක් ලබන සිකුරාදා (28) පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. බදු ගෙවීමේ ක්‍රියාවලියට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයන් හඳුන්වාදීම, රඳවා ගැනීමේ බදු නිදහස් කිරීම වේගවත් කිරීමට ඇතුළු සංශෝධන කිහිපයක් ඊට ඇතුළත් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Read More

සුඩාන ජනරජයේ අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන අවශ්‍යතාව බවට පත්ව ඇතැයි විදේශ කටයුුතු අමාත්‍යාංශය කියයි.

Read More

2023 මාර්තු 07 වැනි දින පැවති කෝප් කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව පිළිබඳ සාකච්ඡාවටලක් කරන ලද කරුණු සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලෙස කෝප් කමිටුව දිගින් දිගටම අවධාරණය කළද ඒ පිළිබඳ කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබීම පිළිබඳව කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත්බණ්ඩාර මහතා ඊයේ (25දා) පැවති කෝප් කමිටු රැස්වීමේදී සිය අප්‍රසාදය පළකළේය.

Read More

පවතින අධික උෂ්ණය නිසා තාප කම්පනයට පත්වීමෙන් මිය ගිය බවට සැක කරන තෙවන මරණයත් එප්පාවලින් අද (26) වාර්ථා විය.

Read More

2022 මැයි 09 වන දින ප්‍රථම සැලසුම ලෙස අරගලය සිදුකල බලවේග සිදුකිරීමට සැරසුනේ එවකට සිටි විධායක ජනාධිපති ප්‍රමුඛ හමුදා ප්‍රධානීන් ජනාධිපති මන්දිරය තුළ ඝාතනයට ලක්කිරිමට බවත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවේදී ඉන්දියානු සංචාරයකට සහභාගී වී සිටි බවත් එය සැක සහිත කටයුත්තක් බවත් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය පදනම් විරහිත බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

‘ප්‍රබන්ධයක්’ ලෙස සැලකිය හැකි මන්ත්‍රීවරයෙක් විසින් රචනා කරන ලද ග්‍රන්ථයකින් පදනමක් නොමැති අසත්‍ය පතුරුවා ඇති බවත් ඒ පිළිබඳව තමන් කනගාටුවන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චුංග් මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ඉන්ධන ව්‍යාපාරයට මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වීමටත් ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමටත් RM Parks-Shell සමාගමේ නිලධාරීන් එකග වී තිබේ.

Read More

අයි.එම්.එෆ්. විවාදයේදී එයට පක්ෂව ඡන්දය භාවිත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන මනෝරාජිකව අදහස් පළ කළද, මහ පොළොවේ යතාර්ථය වෙනස් බවත්, ඒ අනුව අවසානයේ ජයගනු ලබන්නේ, මහපොළොවේ යතාර්ථය බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

මෙරට ආර්ථිකය ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙනත් කිසිවෙකු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැති බැවින් මෙම ගිවිසුමට පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ එක්ව අනුමැතිය ලබාදීම සිදුකරන ලෙස ඉල්ලීම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ආර්ථික අර්බූදය හමුවේ රනිල් සූත්‍රය ක්‍රියාත්මක කිරීමට යෑමෙන් සිදු වන්නේ ආර්ජන්ටිනාවට සිදුවූවාක් මෙන් අර්බූදයෙන් ගොඩ ඒමට නොහැකි වීම බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරයට එක් වන සිනොපෙක් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් හා අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

කොරියානු රැකියා සඳහා 6500ක රැකියා කෝටාවක් මේ මෙරටට ලබා දී තිබුණත්, එම සංඛ්‍යාව ඉක්මවා යමින් මේ වසරේදී ශ්‍රමිකයන් 8000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගන්නා බවට අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමග අද (26) උදෑසන කළ සාකච්ඡාවකදී කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා එකගතාවය දක්වා ඇත.

Read More

ශ්‍රී ලංකාවේ තරුණ ගොවි සමාගමක් විසින් ප්‍රථමවරට ඉදි කර ඇති Potato Chips නිෂ්පාදන සැකසුම් කර්මාන්ත ශාලාවේ ඉදි කිරීම් කටයුතු මේ වනවිට බණ්ඩාරවෙළ කහත්තේවෙල ප්‍රදේශයේ අවසන් කර තිබේ. කහත්තේවෙල ප්‍රදේශයේ තරුණ ගොවි මහත්වරුන් පිරිසක් විසින් පවත්වාගෙන යන කහත්තේවෙල තරුණ ගොවි සමාගම විසින් මෙම Potato Chips කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන හා අපනයන කටයුතු සිදු කරනු ලබයි.

Read More

මාතර ඇලවේල්ල ප්‍රදේශයේ දී දුම්රියේ හැපීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවියක් ඊයේ (25) රාත්‍රි ජීවිතක්ෂයට පත්ව ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.