ශ්‍රී ලංකා කණ්ඩායමද ලෝක කුසලාන තරගාවලියේ තරග තුනක් පරාජයට පත්ව සිටීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කර තිබුණ බව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත තරගයට පෙරාතුව ජයගෙන තිබුණේ නෙදර්ලන්තයට එරෙහි තරගය පමණක් බවයි.
"ඒ නිසයි තරගය අපේ විදිහට ගියේ. අපි අපේ ශක්තිය ගැන විශ්වාස කළා. අපි සරල සැලසුමකට අනුවයි ක්‍රීඩා කළේ. ඒ නිසයි අපි තරගය ජයග්‍රහණය කළේ" යැයි මහීෂ් පැවැසීය.
ඉදිරියට එන තරග හොඳින් ක්‍රීඩා කර අවසන් පූර්ව වටයට යාම සිය කණ්ඩායමේ අරමුණ බවද මහීෂ් පැවැසීය.