ලීසිං සමාගම බස් රථය ගත්තාට විශ්‍රාමික ඒ.එස්.පී.ගේ ව්‍යාපාරික පුතා කැළණි ගඟට පැන දිවි නසා ගනියි
වාරික මුදල් නොගෙවීම හේතුවෙන් මූල්‍ය සමාගමක් බස් රථය අත්පත්කර ගැනීම නිසා සිත් තැවුලට පත්ව වි කැලණි ගඟට පැන්න විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී වරයෙකුගේ ව්‍යාපාරික පුතා ගේ මළ සිරුර දින 6කට පසු වැල්ලම්පිටිය කොටුවීල කළු පාලම යට කැලණි ගඟේ පාවෙමින් තිබියදී හමුවූ බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ දොම්පේ තිත්තපත්තර මාලිද පාර පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකු වූ චන්ද්‍ර තාරක බන්ඩාර නැමති 42 දෙදරු පියෙකි
මියගිය අය ඉකුත් 22 වෙනි දින දොම්පේ ගිරිදර අමනබැද් ද පාලම අසලින් කැලණි ගඟට පැන අතුරුදන් වූ බවට දොම්පේ පොලිසිය වෙත එම ව්‍යාපාරිකයාගේ පියා වන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයා දොම්පේ පොලිසිය වෙත පැමිණිලි කර තිබූ බව පොලිසිය කියයි.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි කොලොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක මහත්මිය ඉදිරියේ මියගිය පුද්ගලයාගේ සහෝදරයකු පැමිණ මළ සිරුර හඳුනාගනු ලැබූවේ දකුණු අතේ ගැටගසා තිබූ පිරිත් නුල් වලින් සහ ඇඟිල්ලක ඇතිව තිබූ ආබාධයකින් බව පොලිසිය කියයි. මල සිරුර පොලිස් මෝචරියේ තැන්පත් කර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

