මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට එකතු වූ රුපියල් ලක්ෂ 51 දෛනික ආදායම නගර සභා ගිණුමට බැර නොකර එම මුදල් පවුලේ විවාහ මංගල කටයුත්තක් සඳහා යොදාගත් බව කියන සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ .
මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතාගේ මූලිකත්වයෙන් එහි මූලික විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව එම සේවිකාවගේ වැඩ තහනම් කිරීම සඳහා වූ නිර්දේශය පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා වෙත යොමු කිරීමෙන් අනතුරුව එය පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ මහතා වෙත යොමු කිරීමෙන් අනතුරුව එම වැඩ තහනම් කිරීම නිර්දේශ කොට තිබේ .
පසුගිය කාලය තුළ මහනුවර මහ නගර සභාව තුළ සිදුවී ඇති වංචා හා දූෂණ සැලකිල්ලට ගනිමින් නගර සභාවේ ගිණුම් අංශය වෙත සිදුකරන සියලු ගෙවීම් කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව හරහා නගර සභා ගිණුමට බැර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ජනතාවට ලබාදී ඇති බව නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා පැවසීය .
ඒ අනුව නාගරික ජනතාව නගර සභාවට ගෙවනු ලබන වරිපණම් බදු, ජල බිල්පත්, ඇතුළු සියලු ගෙවීම් ඒ ආකාරයට තැපැල් දෙපාර්තමේන්තුව හරහා ගෙවීමට පහසුකම් සලසා ඇති බවත් නගර සභා ගිණුම් අංශයට දෛනිකව ලැබෙන මුදල් අවම කිරීම සඳහා එම වැඩ පිළිවෙළ යෙදු බව ද කොමසාරිස්වරයා අවධාරණය කළේය .