මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකු වු ජනක රත්නායක මහතාගෙන් රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ලබාගත් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ඩුබායි රටේ සැඟව සිටින බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා නමින් දුරකථන ඇමතුම් ලබාදී එම කප්පම් මුදල් ලබාගෙන තිබූ බව පොලිසිය කියයි.
ඉකුත් මස (16) පෙරවරු 7.10 ත් 9 ත් අතර කාලයේදී බ්ලූමැන්ඩල් සංඛ යනුවෙන් හඳුන්වා දුන් පුද්ගලයකු තමන්ව ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත් එම කොන්ත්‍රාත්තුව ඔහු විසින් ඉටු නොකරන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 15 ක් අවශ්‍ය බව දුරකථනයෙන් පවසා එම මුදල් ඉල්ලූ බව ජනක රත්නායක මහතා පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
එකී ඇමතුම අනුව පැමිණිලිකරු වන ජනක රත්නායක මහතා තම කාර්යාලයේ ඇති මුදල්වලින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් තමන්ට ඇමතුම් ලබා දුන් පුද්ගලයා වෙත ලබා දෙන ලෙසට සේවකයෙකුට දැනුම්දී තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව එම සේවකයා විසින් ජනක රත්නායක මහතා ලබාදුන් විස්තර වලට අනුව කිරුළපන පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු ට අදාල රුපියල් ලක්ෂ 15 ක මුදල ලබාදී තිබිණි.
ජනක රත්නායක මහතා විසින් ඒ සම්බන්ධයෙන් කිරුළපන පොලිසියට පැමිණිලි කර අනතුරුව පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකල විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් තිදෙනා කුරුණෑගල සහ රබුක්කන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් කප්පම් මුදල් බැර කිරීම සඳහා පරිහරණය කළ රඹුක්කන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමකට අසීමිත ලෙස මුදල් බැර වීම හේතුවෙන් බැංකුව මඟින් එම ගිණුම අත්හිටුවා ඇති බවද අනාවරණය වී යැයි පොලිසිය කියයි.
ඒ හේතුවෙන් මෙම කප්පම් මුදල් සැකකරුවන් තම අතට ලබාගෙන තිබුබව පොලිසිය කියයි.
එකී කප්පම් මුදල් ලබාගැනීම සඳහා සැකකරුවන් කුලී පදනම මත මෝටර් රථයක් ලබාගෙන තිබූ බවට අනාවරණය වී තිබූ අතර ලැගුම්හල් කීපයක නවාතැන් ගෙන තිබූ බවත් ඒ සඳහා තවත් කීපදෙනකු ද සම්බන්ධ බවත් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් ගේ නම් පවසා කප්පම් ගැනීමේ ජාවාරමක් කලක සිට සිදුකරගෙන ගොස් ඇති බව පෙනේ යැයි ද මොවුන් බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා ගේ ගෝලයන් ද යන්න සොයා විමර්ශන පවත්වන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ ඇබ්බැහි වූ සැකකරුවන් 24 සහ 31 හැවිරිදි රඹුක්කන සහ කුරුණෑගල පදිංචිකරුවන් ය