පාදයකට වෙඩි වැදී තුවාල වූ එක් ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ අනෙක් ඇස යාන්තමින් පෙනෙන බව කියන තනි දළයක් ඇති ඇතෙකු මේ දිනවල ගල්කිරියාගම රණව මාර්ගයේ නිරන්තරයෙන් ගම්න් කරීම නිසා ජනතාව දැඩි භීතියට පත්ව සිටින බව පවසති.
මෙම මාර්ගයේ ගමන් ගන්නා බොහෝ දෙනෙකු මෙම අන්ධ සහවෙඩි වැදී සිටින ඇතාට බියවී විවිධ අනතුරුවලට ලක්වන බවද ඔවුහු පවසති
කුඩා දරුවන් පිරිසක් මාර්ගයේ රැඳී සිටිමින් මෙම තනි දළ ඇතා කැලෑවට පන්නා දැමීම සිදුකරති .
කෙසේ වෙතත් 29 දින උදෑසන පහට පමණ රණව රක්ෂිතයේ ප්රධාන මාර්ගයට පැමිණ සිටි මෙම තනි දළ ඇතා දහවල් වන තුරුම රැදී සිටීම නිසා මාර්ගයේන් වනයට පන්නා දැමීමට නොහැකි වූ බව මෙම කුඩා පිරිමි දරුවන් පැවසූහ.
මෙම ඇතාට කවුරු හෝ විපතක් කිරීමේ අවදානමක් පවතින බවත් ඇතාගෙන් මිනිසුන්ට කරදරයක් වීමේ අවදානමක් පවතින නිසාත් මෙම මිතුරන් කණ්ඩායම එක්ව මාර්ගයේ රැඳී සිටිමින් ගම්න් කරන ජනතාව දැනුවත් කොට මාර්ගයේ සිටින ඇතා වනයට පන්නා දැමීම සිදුකරන බව ඔවුහු පවසති.
තනි දළ ඇතා අන්ධ බාවය සහ වෙඩි වැදී තුවාල ඇති වේදනාව නිසා මිනිසුන් වාසය කරන ප්රදේශ වලට නිරන්තරයෙන් ගම්න් කරන බව මෙම සිසු දරුවන් පවසමින් මෙම සතාට ප්රතිකාර කරන්නැයි ඔව්හු වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉල්ලීමක්ද කර සිටියහ




