ශ්‍රි ලංකා චෙස් ඉතිහාසය වෙනස් කරමින් ලෝක යොවුන් චෙස් තරගාවලියේ රන් පදක්කමක් ලංකාවට
ඊජිප්තුවේ පැවති ලෝක යොවුන් චෙස් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක් දිනා ගනිමින් ප්‍රථම ස්ථානයට පත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ඔසිනි දේවින්ද්‍යා ගුණවර්ධන ශිෂ්‍යාව 10/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
මෙම තරගාවලිය ඊජිප්තුවේ රටවල් 75 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් ඉකුත් 10/14 දින සිට 10/27 දින දක්වා පවත්වා තිබුණි .
ඔසිනි දේවින්ද්‍යා ගුණවර්ධන කොළඹ මිචෙලි ජාත්‍යන්තර පාසැලේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි .
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර චෙස් තරගාවලියක දී රන් පදක්කමක් දිනා ගැනීමට හැකි වූ පළමු අවස්ථාව මෙය වේ .
ඇය අවුරුදු 13න් පහළ බාළිකා අංශයෙන් රන් පදක්කම දිනා ගනු ලැබුවාය.
ඔසිනි දේවින්ද්‍යා 10/28 දින උදෑසන 09.05 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා චෙස් සංගමයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් පිරිසක් , ඔසිනි දේවින්ද්‍යා ඉගෙනුම ලබන පාසැලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන් සහ ඇයගේ ඥාතීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .




popular news
-
LGPJ Saturday, 28 October 2023 03:38 PM
Best wishes to her.. !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

