ධාරානිපාත වර්ෂාව සමඟ ගල් පර්වත සමග පස්කන්දක් කඩාවැටී අද 28 සවස කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර කොටස ගමනාගමනය සඳහා එක් මංතීරුවක් කට පමණක් සීමා වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
එක්වරම මාර්ගය මතට පස් කන්දක් කඩා වැටී ඇති අතර කුඩා වාහන පමණක් යා හැකි වන පරිදි මඟ යන එන්නන් විසින් සකස් කර ගත් බවද රියදුරන් ඇතුළු ප්‍රදේශවාසීහු පැවසූහ.
මාර්ගය පිළිසකර කරන තෙක් ලොකු වාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් මෙම පස් කඳු සමඟ ගල් පර්වත නාය ගොස් තිබේ.
ඉකුත් සතියේදී මේ මාර්ගය හපුතලේ බෙරගල අතර කොටස ධාරානිපාත වර්ෂාව සමඟ පස්කඳු කඩාවැටී පැය ගණනාවක් අවහිර විය.
මේ වන විට පවතින අධික වර්ෂාව සමග තවදුරටත් නාය යාමේ අවදානමක් පවතින බැවින් විමසිලිමත් වන ලෙස පොලීසිය රියදුරන් ගෙන් ඉල්ලා සිටී.
මාර්ගය කඩිනමින් පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි