ලෝක බැංකු ණය ආධාර යටතේ මාතලේ දිස්ත්‍රිකයේ ලොකු ලුණු මව් බල්බ වසන්තිකරණය කිරිම සඳහා මිලියන 100ක් වැය කර ඉදිකළ සීතාගාර 50 භාවිත නොකිරිමෙන් එම මුදලින් අපේක්ෂිත අරමුණ ඉටු වී නොමැති බව කෘෂිකර්ම නවීකරණ ව්‍යපෘති මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රසන්න පල්ලේමුල්ල මහතා පැවසීය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වු අවස්ථාවේදී පල්ලේමුල්ල මහතා එසේ පැවසීය.
මාතලේ දිස්ත්‍රිකය තුළ මීට වසර 4 කට පෙර හෙක්ටයාර් 3000ක පමණ ලොකු ලුණු වගා කර දේශීය ලොකු ලුණු අවශ්‍යතාවයෙන් 40% නිශ්පාදනය කළ අතර අදවන විට එම වගාව හෙක්ටයාර් 100ක් දක්වා අඩුවී අවාසනාවන්ත තත්වයකට පත්ව තිබේ.
ලෝක බැංකු ණය ආධාර යටතේ මාතලේ දිස්ත්‍රිකය තුළ ක්‍රියාත්මක වන කෘෂිකර්ම නවීකරන ව්‍යපෘතිය මගින් දඹුල්ල ප්‍රදේශයේ ගොවින් 50 දෙනෙකු වෙත ලොකු ලුණු මව් බල්බ වසන්තීකරණය කිරිම සදහා මෙම සීතාගාර ආනායනය කර ඉදිකර ඇති අතර මෙවන විට ලොකු ලුණු වගාව කඩා වැටිම හේතුවෙන් එම සීතාගාර විනාශවීමේ අවධානමක් පවතින බව අමාත්‍යවරයාට පෙන්වාදීම සිදු විය.
1982දී පමණ මාතලේ ආරම්භ වු ලොකු ලුණු වගාව 2019 දක්වා සාර්ථකව සිදු වු අතර එම කාළ සීමාව තුළ ලොකුලුනු මව් බල්බ වසන්තිකරණය සිදු කිරිමට නුවරඑළිය සීතා ගාර වෙත රැගෙන ගොස් මාස තුනක් සීතාගාරයේ තබා වසන්තීකරය සිදු කිරිමේ ක්‍රියාවලියට විසදුමක් ලෙස මෙම සීතාගාර දඹුල්ල ප්‍රදේශයට ලබාදීම කෘෂිකර්ම නවීකරණ ව්‍යපෘතිය මිලියන 100ක් වැයකර ලබාදී ඇති අතර එම මුදලින් කිසිදු ප්‍රයෝජනයක් වි නොමැත.
එම සීතාගාර තුළ වෙනත් වගාවන් යොදා ගැනිම කෙරෙහි අවධානය යොමු කිරිමට හා ලබන කන්නයේ සිට ලොකු ලුණු වගාව නව මුහුණුවරකින් ව්‍යප්ත කිරිමට පියවර ගැනිමට අමාත්‍යවරයා විසින් අදාළ නිළධාරින්ට අපදෙස් ලබා දීම සිදු කෙරුණී.
මෙහිදී අදහස් දැක්වු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මතා කීයා සිටියේ අප රටට විදේශ ආධාර යටතේ මෙතෙක් ලැබු මුදල්වලින් ඔවුන් බලාපොරොත්තු වු අපෙක්ෂාවන් ඉටු නොවි ඇති බවත් ලැබුණු මුදලින් 75% ක් වත් අපි නිවරදි ලෙස භාවිතා කරානම් රට අද මේ තත්වයට පත් නොවන්ට තිබුනු බව සදන් කළේය.