saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

TOP STORY - timelapse 1133 hours ago

LATEST

හිටපු ජනපති රනිල්ට ඇප

calendar_today 2025 අගෝ 26 - 16:13 remove_red_eye - 626  

රජයේ මුදල් රුපියල් ලක්ෂ 166 අවභාවිත කිරී‍මේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26දා) අධිකරණයට ඉදිරිපත් නොකරන බව දැනුම් දී තිබේ.

Read More

එංගලන්තයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක පැවති උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පුද්ගලික සංචාරයකට ගොස් දවස් එකහමාරක කාලයක් සඳහා රුපියල් කෝටි 1 1/2කට අධික මුදලක් වැය කර රජයට පාඩු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතය”

Read More

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ​ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කථානායකවරයා වෙත යොමු කරන බව අද (25දා) සඳහන් කර තිබේ.

Read More

අද (24) පස්වරු 04 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අතහැර නියමිත පරිදි සිය රාජකාරී සිදුකිරීමට වර්ජනයේ නිරතව සිටි තැපැල් වෘත්තීය සමිති එකඟතාව පළ කළ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුව ගෙන තිබේ.

Read More

හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී අද (22) උදෑසන STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් ඇති බව සූරියවැව පොලීසිය කියයි.

Read More

ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ධුරයෙන් පහ කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ‍ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පතිවරයා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

Read More

විනිසුරු වරයෙක් ලෙස ලෝකය පුරාම බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ඇමෙරිකානු විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ, 2025 අගෝස්තු 20 වන දින වයස අවුරුදු 88 දී අග්න්‍යාශ පිළිකාවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට අල්ලස් කොමිෂම තීරණය කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

ලංකාවේ පොලොවෙන් හමුවන, පිළිස්සීමෙන් නිල් මැණික් බවට අගය වැඩිකළ හැකි පිට ඔට්ටු මැණික් කිලෝ ගණනින් පිටරට අපනයනය කළ හැකි අන්දමට නීති සහ පනත් කඩිනමින් වෙනස් කිරිමට රජය ගෙන ඇති තීරණය වහා සලකා බලන්නැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කර්මාන්ත ක්ෂේත්‍රයට අදාල උපදේශන කමිටු සාමාජික සබරගමුව විශ්ව විද්‍යාලයේ ස්වාභාවික සම්පත් අධ්‍යයන අංශයේ මහාචාර්ය හසින්ත විජේසේකර මහතා ජනාධිපති, අගමැතිනිය ඇතුලු කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි. මේ සම්බන්ධයෙන් ත

Read More

කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනයවූ 8056 ගාලු කුමාරී දුම්රිය අද පස්වරු 05.27ට පමණ ගාල්ල ගිංතොට ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව තිබේ. මේ නිසා දුම්රිය මගීන් දැඩි අපහසුතාවයනට ලක්වූහ.

Read More

මහනුවර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (15) පෙරවරු අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ ඉතාමත් වැදගත් අවස්ථාවක් සටහන් කරමින් 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා අද වැඩ භාර ගැනීමට නියමිතය. ඔහු පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව පොලිස්පති තනතුර දක්වා ඉහළට පැමිණි පුද්ගලයෙකි. පොලිස් කොස්තාපල්වරයෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක් හා සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස ඒ මහතා ක්‍රම තුනෙන්ම පොලිස් සේවය හරහා ඉදිරියට පැමිණි පුද්ගලයෙකි.

Read More

මන්නාරම ප්‍රදේශයේ ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු මසකින් කල්දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Read More

2025 වසරේ ජනවාරි සිට ජූලි දක්වා ගතවූ මාස 7ක කාලය තුළ වාර්තා වූ ඉහළම විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කරමින් ජූලි මාසය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 697.3 ක් විදෙස් රැකියාවෙහි නිරත ශ්‍රි ලාංකිකයින් විසින් මෙරටට එවා ඇතැයි ශ්‍රි ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි. එය 2024 වර්ෂයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව සියයට 19.5 ක වර්ධනයකි.

Read More

මෙරට නව පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

Read More

රාජ්‍ය භාරදීමට සුදුසුකම් සහිත තරුණ ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටු ඔය ප්‍රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් රථයක් එකට එක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන තිබු BYD මෝටර් රථ 991 කොන්දේසි කීපයකට යටත්ව මුදා හැරීමට ශ්‍රී ලංකා රේගුව පසුගිය 07 වනදා අභියාචනා අධිකරණයේ එකඟතාවය පළකිරීමත් සමඟ අදාළ වාහන හම්බන්තොට වරායෙන් නිදහස් කිරීම ඊයේ (10) සවස සිදු කරනු ලැබීය.

Read More

තුර්කියේ රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.

Read More

නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙ ගම්මාන රැසක වගා කල කිලෝ ලක්ෂ ගනනක වට්ටක්කා අස්වැන්න අලේවි කර ගැනිමට නොහැකිව ගොවින් දැඩි අසරණතාවයට පත්ව ඇති බව කියයි.

Read More

කළුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන් ගේ වැටුප් වලින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වංචා කළ බව කියන එම ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්ය භාර නිළධාරි මෙන්ම වැටුප් ලිපිකාරිනි ලෙස කටයුතු කළ කාන්තාවක් සහ ඊට අනුබල දී ඇති බව කියන රියදුරකු අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

වාහන වෙනුවෙන් මේ වන විට පවතින බද්ද විශාල බවත් තවදුරටත් වාහන බදු ඉහළ නොදමන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

2011-12 කාලයේදී සුප්‍රිම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනයට අනුබද්ධිත සුප්‍රිම් සැට් සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු ආයෝජනයක් සිදු කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද(06දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දේශබන්ධු තෙන්නකෝන් මහතා, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය වැඩි ඡන්ද 177කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද(05දා) පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.