කෙසෙල්වත්තේ දිනුක ලංකාවට ගෙනෙයි
අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු නිවේදන නිවේදන නිකුත් කර තිබූ , සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හේවාපේඩිගේ දිනූෂ චතුරංග නොහොත් කෙසෙල්වත්තේ දිනූක ඉන්දියාවේ සිට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් 01/24 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .
34 හැවිරිදි මොහු කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කෙසෙල්වත්ත , කොටහේන සහ මට්ටක්කුලිය යන ප්‍රදේශ වල මනුෂ්‍ය ඝාතන රැසක් සිදු කර ඇති අතර ගිනි අවි සහ අත් බෝම්බ ළග තබා ගෙන සිටීම මෙන්ම කොළඹ ප්‍රදේශයේ මංකොල්ලකෑම් රාශියක් ද සිදු කර ඇති පුද්ගයෙකි .
මොහු දැඩි ආරක්ෂාවක් යටතේ 01/24 දින සවස 04.15 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමෙන් පසුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ කෙසෙල්වත්ත පොලීසිය වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

