78 වැනි නිදහස් සමරුව අදයි
අදට යෙදී ඇති 78 වන නිදහස් දිනය හුදු සැමරුමකින් ඔබ්බට ගොස් අනාගතය ගොඩනැගීමේ දැවැන්ත වැඩපිළිවෙලක් යටතේ සිදුකරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ එච් එම් එච් අබේරත්න මහතා සඳහන් කරයි.
ඒ වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයිද Rebuilding Sri Lanka වැඩසටහනද ඒ තුළ පවතින බවද සඳහන් කළ අමාත්‍යවරයා මේ සදහා ජාතික සහ ජාත්‍යන්තර සහයෝගය ලැබෙමින් පවතින බවද අවධාරණය කළේය.
මෙවර නිදහස් සැමරුම ඉතිහාසයේ පෙර පැවති අවස්ථා වලට වඩා සුවිශේෂී සහ අභියෝගාත්මක අවස්ථාවක් බවද සඳහන් කළේය.
එනම් සැබෑ නිදහසක් අත්කර ගැනීමට බහුවිධ ප්‍රෙව්ශයකින් යුත් යම් වැඩපිළිවෙලක් දියත් කරන බවද අමාත්‍යවරයා පැවසුවේය.
මෙවර තේමාව ගොඩනගමු ශ්‍රී ලංකා බව පැවසූ අමාත්‍යවරයා මෑතකදී රටතුළ ඇතිවූ ආපදාව හේතුවෙන් මෙවැනි තේමාවක් යොදාගත් බවද අවධාරණය කළේය.
ඉතිහාසයේ මෙරටට වරින් වර විදෙස් රට වලින් සිදුකළ ආක්‍රමණ සහ ඒවායින් රට බේරා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ජනතාව පිළිබඳව සිහිපත් කළ අමාත්‍යවරයා ඔවුන්ගේ ජීවිත පරිත්යාගකිරීම් සහ කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස 1948 වසරේ මෙරටට නිදහස ලබාගැනීමට හැකියාවක් ලැබුණු බවද පැවසුවේය.
ඒ වෙනුවෙන් කැපකිරීම් කළ ජීවිත පරිත්‍යාග කළ සියලු දෙනාට අදාළ ගෞරවය බුහුමන පුද කරමින්ම 78 වන නිදහස් සමරුවේදී තවත් සුවිශේෂී වැඩපිළිවෙලක් ඇරඹීමට සිදුව ඇතැයිද පැවසුවේය.
මෙවර නිදහස් දිනයේ සම්පූර්ණ අපේක්ෂාව වනුයේ බිඳ වැටුණු සියල්ල නැවත නගාසිටුවමින් මෙරට ජනතාවට ආර්ථික වශයෙන් සහ දේශපාලනිකව ශක්තිමත් ප්‍රජාවක් ලෙස ජීවත් වීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම බවද පැවසුවේය.
78 වන නිදහස් සමරුව හුදු උත්සවයක් බවට පත්කර නොගනිමින් අනාගතවාදී දැක්මකින් අනාගතය ගොඩනැගීමට මෙන්ම වඩා යහපත් රටක් නිර්මාණය කරගැනීමටත් හොද ආර්ථිකයක් නිර්මාණය කරගනිමින් එහි ප්රතිලාභ ජනතාවට ගලාගෙන යා හැකි රටක් නිර්මාණය කරගැනීමටද මෙම අවස්ථාව පාදක කරගනිමු යැයි රජය වශයෙන් ඉල්ලා සිටින බවද වැඩිදුරටත් පැවසුවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

