කර්මාන්තපුර සංවර්ධනයට වැය කළ රු. මිලියන 1542ක් වතුරේ
කර්මාන්තපුර 09ක් සංවර්ධනය කිරිම සදහා රජය විසින් රුපියල් මිලියන 1542ක මුදලක් වැයකොට තිබුණද 2024 වර්ෂය අවසන් වනවිටත් එවායේ කිසිදු කර්මාන්තයක් ආරම්භකර නොතිබු බව අනාවරණය වි ඇත.
මෙකි කර්මාන්තපුර රජයේ ඉඩම් 281,399ක ක්‍රියාත්මක කිරිමට යෝජිතව පැවතුණි. එමෙන්ම අක්කර 200ක භුමි ප්‍රමාණයක් තුල රයිගම් කර්මාන්තපුරය පිහිටුවිම සදහා රජය විසින් 2017 වර්ෂයේ සිට 2024 දක්වා කාලය තුල රුපියල් මිලියන 905 මුදලක් වැයකොට තිබුණි.
එහෙත් කර්මාන්තපුරය ආරම්භකිරිමට පෙර ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර ව්‍යාපෘති සැලසුම්කර නොතිබුණි.2024 වර්ෂය අවසන් වනවිටත් එහි කිසිදු කර්මාන්තයක් ආරම්භකර නොතිබු බව අනාවරණය වි ඇත.
එමෙන්ම කර්මාන්තකරුවන් සදහා ඉඩම්වෙන් කිරිමෙන් පසුව වසර 35ක දිර්ඝකාලින බදු ගිවිසුමක් අත්සන් කළයුතු වුවද කර්මාන්තපුර 30ක කර්මාන්තකරුවන් 374ක් සමග එබදු බදුගිවිසුම් අත්සන්කර නොතිබුණි. විගණකාධිපතිවරයා විසින් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

