අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසයි.
ඊයේ (13) දිනයේ දී මෙම තීරණය ගෙන ඇති අතර, ශ්රී ලංකා රජය විසින් අඛණ්ඩව සිදුකළ රාජ්යතාන්ත්රික හා නීතිමය මැදිහත්වීම්වල ප්රතිඵලයක් ලෙස මෙම සහනය ලැබුණ බවද නියෝජ්ය අමාත්යවරයා සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.