අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෙට (4) දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඥානසාර හිමියන්ව අද මෝසමක් මගින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් වරයගේ නිල මැදිරියට ඉදිරිපත් කළේය.
උන්වහන්සේට අභියාචනාධිකරණයෙන්, කොළඹ මහාධිකරණයෙන් සහ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණි.