අත්අඩංගුවට ගෙන අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කර තිබූ සිර දඩුවම යළිත් අද දිනයේ සිට ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව සිර දඩුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනපති පොදු සමාව යටතේ නිදහස් කරනු ලැබිය.
ඉන් අනතුරුව අධිකරණය මගින් එම පොදු සමාව ඉවත් කිරිමට කටයුතු කළ අතර පසුව උන්වහන්සේ අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කළේය. ඉන් අනතුරුව පසුගියදා උන්වහන්සේ අත්අඩංගුවට ගනු ලැබුවේ ආරාණ්‍ය සේනාසනයක රැදී සිටියදීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල ඥානසාර හිමියන්ට පණවනු දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා වෙත නියම කළේය