ශිරන්ති යළි රිමාන්ඩ්
සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ මහත්මිය යළිත් ලබන 16 දා කේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.
මේ වන විට ඇය බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. සැකකාරියට විවෘත හෘද සැත්කමක් කරන බවට ඔහුගේ නීතිඥවරයා මුලින් ඉදිරිපත් කළ ස්ථාවරය අනුව අදාල තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා කැඳ වූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම වෛද්‍ය වාර්තා උපුටා දක්වමින් කියා සිටියේ ජීවිත අවදානම් රෝගී තත්ත්වයක් ඇති බවට වෛද්‍යවරු සඳහන් කර නොමැති බවය.
මේ අවස්ථාවේදී ඇයට විවෘත හෙද සැත්කමක් නොකරන බවත් , කිරීමට නිර්දේශ කර ඇති බවත් පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් සැකකාරිය රෝගී තත්ත්වයෙන් පසු වන බැවින් අධිකරණයට හෝ පිටතට ගෙන යෑමට නොහැකි බවට වෛද්‍යවරු සඳහන් කරන බැවින් අදාළ රෝගී තත්ත්වය පිළිබඳව තවදුරටත් වෛද්‍ය වාර්තා මඟින් තහවුරු කර ගත යුතු බව පෙන්වා දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

