2026 නොබෙල් සාම ත්‍යාගය පිල්ලේ වෙත පිරිනමයි
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් නාවි පිල්ලේට 2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේ මහත්මිය වෙත පිරිනැමීමට නෝර්වීජියානු නොබෙල් කමිටුව තිරණය කර තිබේ.
ඔස්ලෝ නුවරදී සිකුරාදා සිදු කළ 125 වන නොබෙල් සාම ත්‍යාගය පිළිබඳ නිවේදනයේ සඳහන් වූයේ, සාමය සහ ජාත්‍යන්තර නීතිය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙම දකුණු අප්‍රිකානු නීතිවේදිනිය සිදු කළ සේවය වෙනුවෙන් මෙම කීර්තිමත් සම්මානය ඇයට පිරිනමන බවයි.
යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාරය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහතික කිරීමෙහිලා පිල්ලේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බව කමිටුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
"ලෝකය දීර්ඝ කාලයක් තිස්සේ දැක ඇති ප්‍රමාණයට වඩා වැඩි යුද්ධ සහ ගැටුම් ඇතුළු පැවැත්මට තර්ජනයක් වන අභියෝගවලට මුහුණ දෙන මොහොතක, ජාත්‍යන්තර නීතිය යනු තවදුරටත් සාමය සහ ආරක්ෂාව සඳහා වන අතිරේක අංගයක් පමණක් නොවේ.එය අත්‍යවශ්‍යම දෙයකි," යනුවෙන් එම නිවේදනයේ සඳහන් විය.
ඉන්දියානු දෙමළ සම්භවයක් ඇති දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වන 85 හැවිරිදි පිල්ලේ, මීට පෙර සාම ත්‍යාගය දිනාගත් නෙල්සන් මැන්ඩෙලා සහ අනෙකුත් වර්ණභේද විරෝධී ක්‍රියාකාරීන් වෙනුවෙන් ආරක්ෂක නීතිඥවරියක් ලෙස කටයුතු කළාය.
ඇය රුවන්ඩාව සඳහා වූ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ලෙසද සේවය කර ඇත. ඇය දැනට මියන්මාරය ජන සංහාරයට චෝදනා එල්ල වී ඇති නඩුවේ ජාත්‍යන්තර අධිකරණයේ පෙනී සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

