අධිකරණ තිරණ අවසන් තිරණයි, එතනින් එහාට තීරණ බලාපොරොත්තු වෙන්න එපා
අධිකරණය විසින් ලබාදුන් තීරණ අවසන් තීරණ බවත් එතනින් එහාට තිරණ බලාපොරොත්තු නොවන ලෙසත් ජනපති අනුර කුමාර දිසනායක මහතා පැවැසීය. ජනපතිවරයා මේ බව සඳහන් කළේ බදුල්ල දිස්ත්රික් කාන්තා සම්මේලනය අමතමිනි.
"නීතියෙන් වරප්රසාද ගත්ත අය ඉන්නවා. ඒ අය කැමති නෑ නීතියෙන් සමාන රටක් හදනවට. ඒ අයට නිතියෙන් වරප්රසාද, රැකවරණය,ආරක්ෂාව තියෙන්න ඕන. ඒ අය නිතියෙන් බේරෙන්න ඕන. පහළ අයට නිතිය ක්රියාත්මක වෙන්න ඕන. අපේ රටේ නීතිය ගැන තිබුණාමකුළු දැලක් වගේ කියලා. පොඩි අය අහුවෙනවා, ලොකු අය කඩාගෙන යනවා. අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සමාන නීතියක් තියෙන රටක් හදන්න ඕන.
අපි ඒක හදනවා. ඒක හදනකොට පරණ නීතියෙන් වරප්රසාද තිබුණ අය, නීතියට උඩින් හිටපු අය කලබල වෙනවා. මේ දවස් වලටිකක් වැඩියෙන් කලබල වෙලා. තමන් ළඟට නීතිය ළඟා නොවේවියැයි හිතපු අය ගාවටත් නීතිය පැමිණියා තියෙනවා. අද නීතිය කාටත් සමානයි.
නීතිය අවසාන වශයෙන් වග විභාගයකට ලක් කරන්නේ අධිකරණය. අධිකරණයෙන් අවසානයේදි නිතිය විභාගයට ලක්කරන්නේ ශ්රේෂ්ඨාධිකරණය. ශ්රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. ඒක අයින් කරන්න කියලා කෑ ගහනවා. එතකොට කොහොද නීතියතියෙන්නේ. එහෙම නීති තියෙන්න බෑ රටක.
අපි විශ්වාස කරන්නේ අධිකරණය පද්ධතිය විසින් ලබාදෙන තීරණ තමයි මේ රටේ නීතිය පිළිබඳ නිවැරදි තිරණය කියා අපි සළකන්නේ.සලකන්නේ නැති අයට කෑ ගහන්න පුළුවන්. ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නිගමනයන්වලට අපි යටත් වෙනවා. අධිකරණ ලබාදුන්තීරණවලට අපි යටත් වෙනවා. එතනින් එහාට කවුරුවත් අපෙන් තීරණ බලාපොරොත්තු වෙන්න එපා."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

