මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට වන චෝදනා යටතේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදි අසිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තිබී ඇත.
ඊයේ (05) රාත්‍රී මිරිහාන ප්‍රදේශයේ අවන්හලක් අසල දී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර එම ජාවාරමට උපකාර කිරීමේ චෝදනා යටතේ තවත් සැකකරුවෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.