saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

TOP STORY - timelapse 6642 hours ago

LATEST

පළාත් සංචරණ සිමා උල්ලංඝනය කළ අයට එරෙහිව නීතිය දැඩිවෙයි

calendar_today 2021 ඔක් 16 - 16:47 remove_red_eye - 853  

දීර්ඝ සතිඅන්තය තුළ නිවසේම රැදී සිටින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 කි. 2021 ඔක්තෝබර් 15 (ඊයේ) වන විට අච්චු ගසා ඇති මුළු මුදල රු. බිලියන 1,469.84 කි.

Read More

යම් වෘත්තීය සමිතියක් රජයේ තීරණවලට එකඟ නොවී ඉදිරියට යන්නේ නම් රාජ්‍ය බලය යොදා එම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය නතර කළ යුතු බව මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. බී. දිසානායක මහතා ඊයේ (15 දා) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

Read More

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ. ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අංශඅවලට නියෝග කළේය.

Read More

පිරිසිඳුකාරක ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ද්‍රාවණය පානය කළ තවත් ඉරාන ජාතිකයන් 10ක් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. මෙම ඉරාන ජාතිකයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි පිරිසකි.

Read More

සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වූ බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසා සිටියි.

Read More

ගුරු වැටුප් වැඩිවීම එකවර ලබාදෙන ලෙස ඉල්ලමින් වර්ජනය ඉදිරියට ගෙනයාමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (13) තීරණය කරයි.

Read More

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (12) දින පස්වරුවේ ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කළේය.

Read More

අයවැය තෙවැනි වර කියැවීමේ ඡන්ද විමදීම 2021 දෙසැම්බර් මස 10 දා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මංගල අයවැය නොවැම්බර් 12 දා ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

සතොස සුදුලූනු වංචාවට සම්බන්ධ තවත් සැකකරුවන් 4ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් සිවුදෙනාද සතොස සේවකයන් වෙයි.

Read More

මෙරටට පැමිණි ඇමෙරිකානු ජාතික සංචාරකයෙකු අපහසුතාවට පත්ව ආපසු යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ෂණයක් සිදු කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.

Read More

අද උදෑසන සිට ක්‍රියාත්මකවන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සෙරන්ඩිබ් සමාගම පවසයි.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ති​බේ. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,750 ක් වෙයි.

Read More

නිදහසට කරුණු කියන්නේ නැහැ. එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලා සිටී.

Read More

බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ ’’බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා ය’’. දිගින් දිගටම එයම සිදුවෙද්දී ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වය පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතුව ඇත.

Read More

චීනයෙන් ගෙන්වූ කාබනික පොහොර සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරි තත්ත්වය ශ්‍රී ලංකාව හා අදාළ චීන සමාගම එක්ව දෙපාර්ශ්වයටම වාසිදායක ලෙස විසදා ගනිවියැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

ඒ අනුව කිලෝ ග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250කින් ඉහළ ගොස් එම පැකට්ටුවක මිල රුපියල් 1195ක් දක්වා වැඩිවී තිබේ. ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ ගොස් රුපිල් 480ක් දක්වා වැඩිවී තිබේ.

Read More

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා පැවතිය යුතු බව කොවිඩ් කමිටුවේදී තීරණය විය. අද (08) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී මේ බව තීරණය විය.

Read More

ගෑස්, කිරිපිටි ,තිරිගු පිටි හා සිමෙන්ති පාලන මිල ගණන් ඉවත් කිරීමට අද (07) පැවති විශේෂ කැබිනට් හමුවේදී තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම අනුව පරිගණක 139 ක් හා ලැප්ටොප් යන්ත්‍ර 74ක් රුපියල් 15,290,000ක ඇස්තමේන්තුගත මුදලකට මිලදී ගැනීමට සැලසුම් කොට තිබුණද, එය ඉක්මවා පරිගණක යන්ත්‍ර මිලදී ගෙන තිබුණි. මේ අනුව පරිගණක යන්ත්‍ර 800ක් හා ලැප්ටොප් යන්ත්‍ර 47ක් රුපියල් 113,303,750ක මුදලකට ප්‍රසම්පාදනය කර තිබුණි. මේ නිසා 2018 වර්ෂයේ පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදල ඉක්මවා රුපියල් 89,977,500ක මුදලක් ගමනාගමන මණ්ඩලයේ සාමාන්‍ය ගිණුම්

Read More

වයස අවුරුදු 15ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා වු නිර්දේශය බෝවන රෝග පිළිබඳව විශේෂඥ කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබෙන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිෂ්චන්ද්‍ර සඳහන් කර සිටියි.

Read More

පැන්ඩෝරා පත්‍රිකා මගින් කර ඇති හෙළිකිරීම් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසත් තමන් හා තම බිරිඳ (නිරූපමා රාජපක්ෂ) සම්පුර්ණයෙන්ම අහිංසක බවත් ව්‍යාපාරික තිරු කුමාර් නඩේෂන් පවසයි.

Read More

පැන්ඩෝරා පේපර්ස් හෙළිදරුව්වෙන් ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියට හා ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශනයක් කිරිමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් ආණ්ඩුකාරවරු සමග පසුගිය දිනවල දිගින් දිගටම කළ සාකච්ඡා හා පැමිණි එකඟතා හා අද පැමිණි අවසන් නිගමනය මත සිසුන් 200 ට අඩු පාසල් වල ප්‍රාථමික අංශ (1 - 5 ශ්‍රේණි) 2021 ඔක්තෝබර් මස 21 දින ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

ෆේස්බුක්, වට්ස්ඇප් හා ඉන්ස්ටග්‍රැම්හි බිඳ වැටීමක් සිදුව තිබේ. ලොව පුරා මිලියන ගණනයක පරිශිලකයන්ට මේ හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.

Read More

හිටපු හා වත්මන් ලෝක නායකයන්ගේ, දේශපාලඥයින්ගේ, බිලියනපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු ඇතුළත් පැන්ඩෝරා පත්‍රිකා තුළ ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ නමද ඇතුළත් ව තිබේ.

Read More

දිගුකාලීන ණය පදනම මත චීනයෙන් ඛණිජ තෙල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.

Read More

ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් සංවර ලෙස කටයුතු කළහොත් නොවැම්බර්, දෙසැම්බර් වන විට කොවිඩ් රෝගය රටින් තුරන් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී සියයට 100 ක ආන්තිකයක් පනවමින් මහ බැංකුව මිට පෙර නිකුත් කර තිබූ රෙගුලාසි ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

දිවයින පුරා ක්‍රියාත්මක නිරෝධානය ඇඳිරි නීතිය හෙට (01) අලුයම 4.00 ට ඉවත් කිරීමත් සමග රට පවත්වාගෙන යා යුතු ආකාරය ඇතුළත් නව මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.