saravita-anim2

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

TOP STORY - timelapse 6772 hours ago

LATEST

ජනවාරි 03 දා සිට සියලු රාජ්‍ය සේවකයන් වැඩට

calendar_today 2021 දෙසැ 30 - 07:08 remove_red_eye - 1157  

ජනවාරි 03 දා සිට සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

අද (29දා) වන විට ශ්‍රී ලංකාවේ නිල විදේස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.‍ෙ

Read More

අපි රටට වරදක් කරලා නෑ. රටට ආදරය කිරීම වරදක් කියලා හිතන්නේ නෑ. ඒ වගේම වරදක් නොකළ නිසා ඉල්ලා අස්වීමේ උවමනාවක් අපි දකින්නේ නෑ. අපි වරදක් කළානම් තමයි අපි ඉල්ලා අස්වෙන්න ඕන. හැබැයි කවුරුහරි හිතනවානම් අපි වරදක් කළා කියලා අපිව ඉවත් කිරීම පිළිබඳව ජනපතිතුමා තීරණයක් ගැනීම පිළිබඳව අපිට කිසිම ප්‍රශ්නයක් නෑ.

Read More

වන අලි ගැටලුවට ‌රජයට විසඳුම් ලබාදිය නොහැකි නම් එම ගැටලුව විසඳා ගැනීම වෙනුවෙන් තමන්ට තුවක්කු ලබාදෙන්නැයි අනුරාධපුර, මහ විලච්චිය ගොවීහු පවසති.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ අදහස් අපි අද ලබා ගත්තා. එහෙදී අපිට දැන ගන්න ලැබුනේ හද පාරවන තරම් වු සිද්ධීන්. අපේ භාෂාවෙන් කියනවනම් කෑගහලා අඬන්න තරම් වු සිද්ධීන් අපිට දැන ගන්න ලැබුණා.

Read More

ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.

Read More

අද වන විට මෙරට වාර්ගික නීති ගෝත්‍රික නීති ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් රට එක නම් එක නීතියක් ක්‍රියාත්මක විය යුතු බවට සමාජ ක්‍රියාකාරියකු හැටියට දැනට වසර 15 ක 20 ක පමණ කාලයක සිට හඬ නැගූ බව එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවැසූහ.

Read More

මේක ආන්දෝලනාත්මක කාරණයක්. මම යෝජනා කරනවා පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ වැටුප මාස 6 ක් කප්පාදු කරලා මහා භාණ්ඩාගාරයට යවන්න පුළුවන් කමක් තියෙනවානම් ඒක මේ රටේ අර්බුදකාරි අවස්තාවට යම් පිළියමක් වෙනවා.

Read More

සුනාමි ඛේදවාචකයෙන් බලපෑමට ලක්වූ සියලු දෙනා සිහිපත් කිරීම වෙනුවෙන් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් ආරක්ෂා කරන ලෙස රජය දන්වා සිටියි.

Read More

තිරුක්කෝවිල් පොලීසියේ සැරයන්වරයෙක් කළ සිදුකළ වෙඩි තැබීමකින් එම පොලීසියේ සිවු දෙනෙකු මියගොස් තිබේ.

Read More

පාකිස්තානයේ සියාල්කොට්හිදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන සේවය කළ කර්මාන්ත ශාලාවේ ඔහුගෙන් හිස්ව ඇති තනතුර සඳහා තවත් ශ්‍රී ලාංකිකයෙක් පත්කිරීමට ඒම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

Read More

“එක රටක් එක නීතියක්” ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යයනයක් සිදු කර, නව පනත් කෙටුම්පත් කිරීමේ කාර්ය තමා ඇතුළු කණ්ඩායම වෙත පැවරී තිබෙන බව ප්‍රකාශ කළ උන්වහන්සේ නියමිත කාලය තුළ ඉතා විනිවිදභාවයකින් කටයුතු කරන බව ද පැහැදිලි කළහ.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගෙඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නවාද නැත්ද යන්න පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් ලබන වසරේ ජනවාරි මස 03 දා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වැඩ වර්ජන සිදු කිරීමට කිසිදු නීත්‍යානුකූල බලයක් නැතැයිද වැඩවර්ජනයෙන් තමන්ට වෙන පීඩාව හේතුවෙන් මහජනතාව විසින් අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජේෂ්ඨ සාමාජික වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා අද (22) පැවසීය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 22 දින එළවළු ලැබීම 60% කින් පමණ පහත වැටීමත් සමඟ ආර්ථික මධ්‍යස්ථානය වෙනදාට වඩා වැඩි පාළු ස්වභාවයක් ගෙන ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වාදෙති

Read More

මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදුවු වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී එම කමිටුවේ සභාපති මහාචාර්යවරයා මේ බව තහවුරු කළේය.

Read More

මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

Read More

පෙට්‍රල් රුපියල් 35කින්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11කින් වහාම ඉන්ධන ඉල්ලුම පාලනය කිරීමට කටයුතු කරන ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දෙසැම්බර් 10 දා දිනැති ලිපියෙන් දන්වා ඇති බව අදට වාර්තා වෙයි.

Read More

කබ්රාල් මහතා ඔහු මීට පෙර අධිපති ධුරය හෙබවූ කාලයේ ලබාගත් වැටුපෙන්න් 74%ක් විශ්‍රාම වැටුපක් ලෙසත් මසකට රුපියල් 400,000ක් වත්මන් වැටුප ලෙසද ලබමින් සිටී. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ලැබූ වැටුපට වඩා රුපියල් 150,000ක මාසික වැටුපක් කබ්රාල් මහතා ලබාගනිමින් සිටියි. බැඳුම්කර වංචා චෝදනා මත මහ බැංකුවෙන් ඉවත් වූ අර්ජුන මහේන්ද්‍රන්ගේ මසක වැටුප රුපියල් 70,000ක්වූ විය. ඔහු නව විශ්‍රාම වැටුපට හිමිකම් නොකියයි.

Read More

ෆිච් රේටින්ග් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් වන නවතම ශ්‍රේණිගත කිරීම් අනුව CCC සිට CC දක්වා ශ්‍රී ලංකාව පහත දමා තිබේ.

Read More

විශේෂයෙන්ම වසංගතයේ නව ප්‍රභේදය හමුවේ යලිත් නව සංචරණ සීමා පැනවුවහොත් ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩුවෙතැයි යන පුරෝකථන මේ සඳහා හේතු වී ඇති බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.

Read More

ඉදිරියේ දී ගෘහස්ථ ගෑස් බෙදා හැරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූල ව කටයුතු කරන බවට ලිට්‍රෝ ගෑස් සමාගම අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.

Read More

කතරගම වන්දනාවේ ගොස් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා නැවත නිවසට එමින් සිටි පිරිසක් රැගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන,පෙරළී ගොස් සිදුවූ අනතුරකින් එකම පවුලේ පියා සහ අවුරුදු හතරක දැරියක් මියගොස් මව ,දියණිය සහ තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ,අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි.

Read More

ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය සහ එය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුම්දීම සඳහා අභියාචනාධිකරණය ලිට්‍රො ගෑස් සමාගමට හෙට (15) දින තෙක් කල් ලබාදී තිබේ.

Read More

ශ්‍රී ලංකාවට කාබනික පොහොර එවූ චීනයේ චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම ඉල්ලූ වන්දිය ගෙවීමට අදාළ යෝජනාවක් ඊයේ පැවැති කැබිනට් රැස්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කර ඇති වාර්තා වෙයි.

Read More

පාර්ලිමේන්තුව වාර අවසාන කළ විට එතෙක් යථාපරිදි පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද ප්‍රශ්න සහ යෝජනා අහෝසි වන අතර මන්ත්‍රීවරුන් නැවත වාරයක් ඒ සම්බන්ධව ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුය. තවද පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාව හා විශේෂ කාරක සභා (තේරීම් කාරක සභා) හැර අනෙකුත් සියලු කාරක සභා නව සැසිවාරයේදී නැවත පත්කළ යුතුය.

Read More

ඊයේ (12දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විිසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වටිනා ඉඩම් දෙකක් විදේශීය ආයෝජක සමාගම් වෙත බද්දට දීමීට අදාළ ගිවිසුම් සකස් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි. මෙම ඉඩම් දෙක බද්දට දීම හරහා රජය අපේක්ෂා කරන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න වෙයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ සඳහා අවශ්‍ය කටයුතු සකස් කර තිබේ.

Read More

මානව හිමිකම් කඩි කිරීම සම්බන්ධයෙන් මෙසේ ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇත්තේ නාවික හමුදා බුද්ධි නිලධාරී චන්දන හෙට්ටිආරච්චි මහතාට හා හිටපු යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙක් වන සුනිල් රත්නායක මහතාටයි.

Read More

2022 වර්ෂය සඳහා වන අයවැය වැඩි ඡන්ද 93කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණ අතර විපක්ෂව 64ක් ලැබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.