වැඩි බලය ඕනෑ ජනපතිටද? අගමැතිටද?
රට තුළ උද්ගතවී ඇති වත්මන් දේශපාලන අර් බුදය හමුවේ ජනාධිපතිගේ බලතල රැක ගැනීම හා ජනාධිපතිගේ බලතල අඩුකර අගමැතිගේ බලතල වැඩිකර ගැනීම පිළිබඳව මෙහෙයුම් දෙකක් ක්‍රියාත්මක වන බව දේශපාලන ආරංචි මාර් ග වලින් වාර්තා වෙයි.
පාර් ලිමේන්තුව නියෝජනය කරන රාජක්ෂ පවුලට සම්බන්ධ සියලු දෙනා බලතල අත්හැරිය යුතු බවට රට පුරා මතුව ඇති ජන අරගලය හමුවේ මෙම තත්ත්වය වර් ධනය වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවත් ඇමතිවරු හා පාර් ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ධුරයේ රැදී සිටිය යුතු බව පෙන්වා දී ඒ වෙනුවෙන් කටයුතු කරන බව වාර්තා වෙයි.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ පවතින අර් බුදය හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයෙක් යටතේ ආණ්ඩුවේ ඉදිරි කාලය ගෙිවයි යුතු බවයි. මේ සදහා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරු පිරිසකගේද සහාය ලැබී තිබේ.
එහෙත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් අමාත්‍යවරු හා මන්ත්‍රීවරු පිරිසක් වත්මන් අර් බුදයට පිළියමක් ලෙස ජනාධිපති ඉවත්විම හෝ ජනාධිපති බලතල කප්පා කළ යුතු බවත් එම බලතල අග්‍රාමාත්‍යවරයා සතු කර ගැනිමට කටයුතු කළ යුතු බවටද යෝජනා කර තිබේ.
මේ වෙනුවෙන් විපක්ෂය විසින් ගෙන එන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදය යුතු බවට යෝජනා කර තිබේ.
මේ සඳහා ආණ්ඩු පක්ෂයේ හිටපු අමාත්‍යවරු රැසකගේ හා තරුණ මන්ත්‍රීවරු රැසකගේ සහාය ලැබී ඇති බව වාර් තා වෙයි.
මේ අතර ඊයේ (21දා) පාර් ලිමේන්තු කමිටු කාමර 01 දී රැස්වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කන්ඩායම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යතුව ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාවකටද අනුමැතිය ලබාදීම විශේෂත්වයකි.
මේ අවස්ථාවේදි අග්‍රාමාත්‍යවරයාගේ නායක්තවය ශක්තිමත් කිරිමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තිරණය කකළේ ආණ්ඩු පක්ෂය තුළ වෙනස් මත වර්ධනය වීම වැළැක්වීමට විය හැකි බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතයයි.
දුමින්ද සංජීව බාලසූරිය

popular news
-
Deepal Nirosh Friday, 22 April 2022 03:05 AM
විධායක ජනාධිපති ධුරයේ බලතල සංශෝධනයක් විය යුතු බව ඇත්ත. ඒත් මේ විධායක ජනාධිපති ධුරය හා තෝරන ක්‍රමවේදය නම් ලංකාවට තව බොහෝ කාලයකට අත්‍යාවශ්‍යයි. අද රටේ තත්ත්වය ඊට හොඳම උදාහරණයයි.
Reply : 0 0
CITIZEN Friday, 22 April 2022 05:00 AM
BALA THANNA WA ONLY, NEVER THINK ABOUT THE COUNTRY
Reply : 0 0
Dayan Friday, 22 April 2022 05:21 AM
Mahinda Rajapaksa is the creater of present crisis. He can totally write down the country if he becomes the PM with more powers. I do not say that Gotabhaya can resolve crisis if he has full powers. So both of them should step down forthwith allowing for a capable people to handle.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
