ආහාර අර්බුදයෙන් ලංකාව ගොඩ ගන්න රනිල් රටවල් පහක් සමග සාකච්ඡා කරයි
වර්ථමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආහාර අර්බුදයට සහනයක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලවත් විදෙස් රටවල් පහක් සමග සාකච්ඡා පවත්වා තිබේ.
ඒ අනුව ඇමරිකාව, යුරෝපා සංගමය, එංගලන්තය, චීනය, සහ ඉන්දියාව සමග හිටපු අගමැතිවරයා මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
ඉදිරියේදී දරුණු ආහාර අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ දීමට සිදුවනු ඇතැයි එම රටවල් හිටපු අගමැතිවරයා වෙත දැනුම් දී තිබෙන අතර ශ්‍රී ලංකාවට උපකාර කරන්නේ කෙසේදැයි සලකා බලන බවත් රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබේ.
රජය ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල සමග එකඟතාවට පැමිණෙන්නේ නම් ලංකාවට උපකාර කිරීම පහසු වනු ඇතැයිද ඉහත රටවල්වල නියෝජිතයන් හිටපු අගමැතිවරයාට දැනුම් දී ඇතැයිද සඳහන්.
popular news
-
sg Tuesday, 19 April 2022 07:01 PM
Need to establish an interim government including all parties with the leadership of this person.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

