saravita-anim2​

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා

TOP STORY - timelapse 7159 hours ago

LATEST

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ඇමතිධුරය අත්හරියි

calendar_today 2022 අප්‍රේ 02 - 11:50 remove_red_eye - 1150  

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිිබේ. තමා මැයි 01 දා සිට බලපැවැත්වෙන පරිදි සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ.

මෙම නීතිඥයින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ගාස්තු අයකිරීමකින් තොරව වෙයි. එසේම පොලීසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිම වෙනුවෙන් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේදී සැකකරුවන්ව අත්පොළසන් දී නීතිඥවරු විසින් පිළිගත් අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ සැකකරුවන් පිරිසක් අත්පොළසන් දී නීතිඥවරු විසින් පිළිගත් පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා වෙයි.

Read More

මෙරට පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් රජයට රටපුරා මතුව ඇති විරෝදය හමුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ඔහු දරමින් සිටින මුදල් ඇමතිධූරයෙන් ඉවත් කිරීමට බොහෝ පාර්ශවයන් රජයයට ඉල්ලීම් ලැබෙන බව වාර්තා වෙයි.

Read More

UPDATE නුගේගොඩ මිරිහාන ඇඹුල්දෙණියෙහි පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ ඊයේ රාත්‍රියේ පැවති විරෝධතාව අතරතුර බස් රථ සහ වාහන රැසකට ගිනි තැබූ බව කියන පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසට යන මාර්ගය හරස් කරමින් මේ මොහොත වන විට විරෝධතාවක් පැවතෙන බව වාර්තා වෙයි.

Read More

බලාගාර සඳහා ඉන්ධන තොග නොමැති වීම හේතුවෙන් හෙට (01දා) දිනයේදී පැය 12ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

Read More

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හා තවත් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. ඒ තම මරණ දඩුවම සම්බන්ධයෙන් ඔවුන් ගොනු කළ ඇපෑලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

Read More

බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග නොමැති වීම හේතුවෙන් හෙට (31දා) දිනයේදී පැය 13ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

Read More

මීට පෙර පැය 10ක විදුලිය කප්පාදවක් සිදුකරන බවට ඇතැම් මාධ්‍ය සිදුකළ වාර්තා ශ්‍රී ලංකා මහජන උපයෝගීීතා කොමීෂන් සභාව විසින් බැහැර කළේය.

Read More

“හරිත දැයක්” ජාතික ගෙවතු වගා සංග්‍රාමය - 2022 ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් අද (29දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී කොස් පැලයක් රෝපණය කළේය.

Read More

(Exclusive/Update) ඖෂධ හා උපකරණ හිඟවීම හේතුවෙන් තාවකාලිකව නවතා දමා ඇති පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නැවත ආරම්භ කිරීම වෙනුවෙන් ඉන්දියාව මැදිහත්ව තිබේ.

Read More

“සිංහල අවුරුදු පහුවෙනකොට අපේ තෙල් පෝලිම් අවසන් වෙයි. අපේ තෙල් පිරිපහදුව නැවත ආරම්භ කිරීමට අපි බොරතෙල් ඇණවුම් කරගෙන යනවා. බොරතෙල් මෙට්‍රික් ටොන් 215000ක් අපට ගබඩා වල තියන්න පුළුවන්. ඒක ආවොත් පූර්ණ ධාරිතාවෙන් පිරිපහදුව දුවන්න පුළුවන් වෙනවා. ඒක දිව්වොත් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නෑ තාප බලාගාර ඔක්කොම දුවන්න පුළුවන්.”

Read More

පාර්ලිමේන්තුව තුළ වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සරළ බහුතරය අහිමි වීම සඳහා තවත් ඇත්තේ මන්ත්‍රී ආසන 3 ක වෙනසක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Read More

සිංහල අලුත් අවුරුදු සමය තුළදී නිරතවන ගමන් බිමන් පිළිබඳව තොරතුරු සාමාජ මාධ්‍ය ජාලා වල පළකිරීමෙන් වළකින ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව චීනයෙන් ලබා ගැනීමට යෝජිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල මීට පෙර චීන බැංකුවලින් ලබා ගත් ණය පියවීමට යොදා ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

පිටු 95කින් සමන්විත එම වාර්තාව අනුව ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින ආර්ථික අර්බුදය හා එයින් අත්මිදීම වෙනුවෙන් වූ නිර්දේශද ඇතුළත් කර තිබේ.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හේතුවෙන් සියලුම වර්ගවල පෙට්‍රල් මිල රුපියල් 49කින් ඉහළ දැමීමට ලංකා ඉන්දීය තෙල් සමාගම තීරණය කර තිබේ.

Read More
ඩොලරය 295ට යයි
25 03 2022 19:15:00
0 967

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිල විිදේශ විනිමය අනුපාත අනුව අද දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 294.99ක් විය.

Read More

රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක පදවියට පත් අතිපූජනීය මකුලෑවේ විමල හිමිපාණන්ට ලැබුණු උතුම් නායක පදවිය සම්බුද්ධ ශාසනයටත්, ලෝකවාසී බෞද්ධ ජනතාවටත් ආශිර්වාදයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

Read More

2022 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය ආයතන විසින් සපයනු ලබන මූල්‍ය සේවා ‍සදහා වන එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා වැඩි කෙරෙනු ඇත.

Read More

කටුගස්තොට මැණික්කුඹුර වත්තේ නිවසක් ගිනි ගැනීමෙන් එහි සිටි පියා,දියණිය හා ඇගේ පෙම්වතා බව කියන අයෙකු නිවස තුළම පිළිස්සී මියගොස් ඇති බව කටුගස්තොට පොලිසිය පවසයි.

Read More

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය (Victoria Nuland) අද (23දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

Read More

සර්ව පාක්ෂික සමුළුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ආරම්භ කෙරිණි.

Read More

ලෝක ජල දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්විණි.

Read More

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

මීරිගම නගරයේ ඉන්ධන පිරවුම් හලකින් පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයෙකු ඇද වැටී රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇතැයි මිරිගම පොලිසිය පවසයි.

Read More

නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන පෝලිමක සිටි යතුරුපැදිකරුවෙක් හා ත්‍රි රෝද රථ රිියදුරෙක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් ත්‍රිි රෝද රථ රියදුරු විසින් යතුරුපැදිකරුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

Read More

කඩවත නගරයේ ඉන්ධන හළක් තුළ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙක් ඇද වැටී මියගොස් ඇතැයි වාර්තා වෙයි.

Read More

බොර තෙල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (20දා) සිට යළිත් තාවකාලිකව වසා දැමීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ලෝක වෙළඳපොළ තුළ කිරිපිටි කිලෝවක මිල ඉහළ යාම හා ශ්‍රී ලංකාව ඩොලරය පා කිරීමට ගත් තීරණයත් සමග ඇතිව තිබෙන තත්ත්වය මත කිරිපිටි මිල ඉහළ දැමීමට සිදුව ඇතැයි කිරිපිටි ආනයනකරුවෝ පවසති.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.