අන්තර්පාලනයක් ගේනවානම් මගේ ප්‍රධානත්වයෙන් තමයි ගේන්න ඕන
අන්තර්පාලනයක් ගෙන එන්නේ නම් එය සිදුවිය යුත්තේ තම නායකත්වයෙන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.නෙත් ගුවන් විදුලිය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම අරගලකරුවන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවත් ඔහු පැවැසීය.
මෙහිදී අග්‍රාමාත්‍යවරයාට යොමුකළ ප්‍රශ්න හා ඔහු ලබාදුන් ප්‍රතිචාර
අගමැතිතුමා විවිධ ප්‍රචාර යනවා සමාජ මාධ්‍ය තුළ ඔබ අසනීප තත්ත්වයෙන් පසුවෙනවා, ඊයේ රෑ පෞද්ගලික රෝහලකට ඇතුළත් වුණා කියලා?
පට්ටපල් බොරුවක් මම ලෙඩෙක් බලන්නවත් ගියේ නෑ ඒ පැත්තේ. මේ දැනුත් දුවලා එක්සයිස් කරලා ආවා විතරයි. ඒ හින්දා තාමත් මට ඔය තරුණයෝ එක්ක දුවන්න පුළුවන්.
රටේ වත්මන් තත්ත්වය ගැන ඔබතුමාට මොනවද කියන්න තියෙන්නෙ?
මේ වගේ තතත්වයන් ඇතිවෙනවා. මේවායින් ගොඩ එන්න වැඩ කරන්න ඕන. මීට වඩා දරුණු තත්ත්වයක් තිබුණා රටේ පසුගිය කාලයේ.
මන්ත්‍රීවරු පිරිසක් කියනවා ඔබට අගමැතිධුරයෙන් ඉවත් වෙන්න කියලා?
මම හිතන්නේ නැ බහුතරයක් කියනවා කියලා. කිහිපදෙනෙක් කියනවා ඇති. ඉතිහාසයක් ගැන අවබෝධයක් නැති මිනිස්සු කියනවා ඇති. මටනම් එහෙම කවුරුත් කියලා නෑ. මම දන්න තරමින් කවුරුත් එහෙම කියන එකක් නෑ.
අපි දැක්කා හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනපතිවරයාට ලිපියක් යවලා කියලා කියලා තියෙනවා අන්තර්වාර රජයක් පිහටුවන්න අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත්වෙන්න ඕන් කියලා?
මොන අන්තර්පාලනයක්ද? එකාට එකා නැතිව කොහොමද අන්තර්පාලනයක් ගේන්නේ. එක එක්කෙනාගේ ප්‍රතිපත්ති, එකඟතාවන් නැතිව කොහොමද අන්තර්පාලනයක් ගේන්නේ. අන්තර්පාලනයක් ගේනවානම් මගේ ප්‍රධානත්වයෙන් තමයි ගේන්න ඕන. රනිල් වික්‍රමසිංහ හෝ වෙනත් අය දාගෙන මේක කරන්න හදනවනම් මම හිතන්නේ නෑ අනෙක් අය මේකට කැමතිවෙයි කියලා.
ගාලුමුවදොර දවස් 15ක් තිස්සේ අරගලයක් තියෙනවා. මේ අරගලය ගැන ඔබතුමා මොකක්ද කියන්නේ?
අරගලයක් යනවා. විසඳුම් දෙන්න සාකච්ඡා කරන්න ඕන. එයාගට මට කියන්නේ තියෙන්නේ රජයත් එක්ක සාකච්ඡා කරන්න. ඒ අය විශ්වාස කරන රජයේ පාර්ශ්වයන් එක්ක කථා කරන එක තමයි හොඳ. නැත්නම් අරගලය දිගින් දිගටම කරගෙන ඉන්න පුළුවන්.
අරලිය ගහ මන්දිරය විවෘතයි. ඒ සාකච්ඡා කරන්න දිනයක් වේලාවක් දෙනවනම් ඒ අය කැමති මැති ඇමතිවරු මම ගෙනල්ලා දෙන්නම්.

popular news
-
rocky Saturday, 23 April 2022 11:44 AM
Dan obathumaage Kan ahennema nedda ?
Reply : 0 0
sg Saturday, 23 April 2022 05:41 PM
Timely need to check brain.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

