saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

TOP STORY - timelapse 6498 hours ago

LATEST

පිරිපහදුව වැසීමෙන් වාසි වෙන හැටි උදය කියයි

calendar_today 2021 නොවැ 18 - 14:55 remove_red_eye - 1275  

ඔක්තෝම්බර් මාසයේ දී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 85යි. නමුත් ඩීසල් බැරලයක් ඩොලර් 93ක් වෙන විට පෙට්‍රල් බැරලයක් ඩොලර් 95යි. එහෙම නම් අපට ඩීසල් සහ පෙට්‍රල් හැදෙන 14:29 අනුපාතයට ගත්තොත් පෙට්‍රල් - ඩීසල් බැරලයක මිල ඩොලර් 93.65යි. නමුත් පෙට්‍රල් - ඩීසල් බැරලයක් හදා ගැනීමට අවශ්‍ය බොරතෙල් බැරල් 2.32ක් මිල දී ගන්න ඩොල

වර්තමානයේ රට තුල තිබෙන සියලු ප්‍රශ්න වලට යහපාලන ආණ්ඩුව හේතුව බවට සඳහන් කිරීමට අයවැය විවාදයේදී ඇතැම් පිරිස් උත්සහ කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව තුළ කංසා වගාව ප්‍රවර්ධනය කිරිමෙන් විශාල විදේශ විනිමයක් උපයාගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ පවසයි.

Read More

දූෂණයෙන්, වංචාවෙන් දක්ෂයන්ගෙන් ආණ්ඩුවක් බිහිකර කඩා වැටුනු දේශය ගොඩනැංවීමට සමගි ජනබලවේගය කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (16දා) පැවසීය.

Read More

තෙල් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැටලුවකට පත්වෙනු ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

​සියයට 50ක ධාරිතාවක් යටතේ අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා අවසර ලබාදිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබේ.

Read More

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබාදීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අමාත්‍යවරුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙක් ඉදිරිපත් කිරීමට එම පක්ෂ තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

මේ වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබා දී දැන් මාස හයක් පමණ කාලයක් ගත වෙලා තිබෙනවා. ලෝකයේ කරපු පරීක්ෂණ වලින් පෙනෙන දෙයක් තමයි, මාස හයක් ගියාම එන්නත් මාත්‍රා දෙකම ගත්ත පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණය අඩුවක් ක්‍රමානුකූලව සිද්ධ වෙනවා කියන එක, ඒ නිසා තමයි අපි තීරණය කළේ ෆයිසර් එන්නත් මාත්‍රාවක්, තුන්වන මාත්‍රාවක් විදියට ප්‍රතිශක්තිකරණ ඉහළ නංවන්න ලබා දෙන්න ලබා දෙන්න.

Read More

අයවැයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලබාදිම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව රැස්වි තිරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය.

Read More

මේ වසරේ ගතවු කාලසිමාව තුළ ඩෙංගු රෝගින් 15,874 දෙනෙකු වාර්තා වි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read More

අයවැය ඉතිහාසයේ වැඩිම මුදලක් එක්වන වෙන් කළ ව්‍යාපාතිය ගම සමග පිළිසඳරක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. ඒ අනුව ඒ සඳහා රුපියල් මිලියන 85000ක් වෙන් කර තිබේ. ග්‍රාම සේවා වසමකට රුපියල් මිලියන 3 බැගින්, ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 4 බැගින්, සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම අමතරව රුපියල් මිලියන 5 බැගින් ලෙස මෙම මුදල් වෙන් කර ඇති බව මුදල් අමාත්‍යවරයා පැවැසීය.

Read More

කොවිඩ් – 19 සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් ඇතුළත හෝ ඉන් පිටත ඒකරාශීවීමක් , ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් සම්බන්ධයෙන් නව නියෝග කිහිපයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මතභේදයට තුඩු දුන් චීන පොහොර පිළිබඳව තෙවැනි පාර්ශ්විය ආයතනයක් වන Schutter Global Inspection and Survey Company කළ පරීක්ෂණයේදී එම පොහොරවල අහිතකර බැක්ටීරියා නොමැති බව තහවුරුවී ඇති බව චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම පවසයි. මෙම ආයතනය එම සමාගම විසින් තෝරා ගත් තෙවැනි පාර්ශ්විය ආයතනයක් වෙයි.

Read More

මෙහිදී ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ වැටුප 12120ක මුදලකින් හා ගුරු සේවයේ පළමු ශ්‍රේනනියේ නිලධාරියෙකුගේ වැටුප රුපියල් 11820කින් වැඩිවිමට නියමිතය. ඊට සමගාමිව ගුරු හා විදුහල්පති සෙසු ශ්‍රේණිවල වැටුප් වැඩිකිරීමට නියමිතය.

Read More

මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 20ක් වාර්තා වී තිබේ. එසේම එක් පුද්ගලයෙක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරු 8.00ට නිකුත් කළ සංක්ෂිප්ත වාර්තාවේ සඳහන් වෙයි.

Read More

ඔබතුමාවත් මේ කාරණය ජනාධිපතිතුමාට අයියා විදියට ඍජුව මැදිහත්වෙලා තරවටු කරලා, තමන්ගේ අයියා මල්ලිට දෙන දඬුවමක් විදියට වහාම පොහොර ටික දෙන්න කටයුතු කරන්න. ඔබතුමා මැදිහත් වුනොත් මිසක් මේක වෙන කෙනෙකුට කරන්න බෑ.

Read More

(UPDATE) රඹුක්කන දොඹේමඩ ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් ඒම නිවසේ සිටි මව හා දියණියන් දෙදෙනා (අවුරුදු 8 හා 14 ) ජීවිතක්ෂයට පත්ව තිබේ. පියා තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පිරිස් පොදු ස්ථානවලට ගියහොත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව නීතිපතිවරයා දැනුම්දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකාවට කාබනික පොහොර ගෙන ආ චීනයේ සිවින් බයොටෙක් සමූහය ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ඩොලර් මිලියන 8ක වන්දි ඉල්ලමින් එන්තරවාසි යොමුකර තිබේ.

Read More

රැකියාවන් සඳහා විදේශ ගත වන මෙරට පුද්ගලයන් සැමදා විදේශ රටවල ජීවත් නොවන බවත් ඔවුන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට , ආදායම් මට්ටම ඉහල දමා ගැනීමට විදේශගත වූවට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් ඔවුන් විදේශගත වී මහා පරිමාණයෙන් මෙරටට විදේශ විනිමය ගෙන එන බව ද අමාත්‍ය පීරිස් මහතා මහනුවර දී පැවසීය.

Read More

කෙසේ වෙතත් ප්‍රාදේශිය සභා මැතිවරණය නොපවත්වා එය තවත් වසරකින් දීර්ඝ කිරිමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානමින් සිටින බව සභාපතිවරයා සභාව හමුවේ කියා සිටියේය. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ ඉහළ ක්‍රියාකාරින් තමන්ට දන්වා ඇති බව කියා සිටි සනත් දසනායක මහතා අවධාරණය කර සිටියේ දීර්ඝ වන ඉදිරි වසරේ දී ද ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් සිදුකිරීමට තමන් ඇතුළු මන්ත්‍රි කණ්ඩායම කටයුතු කරන බවයි.

Read More

මුතුරාජවෙල තෙත් බිම්වලට අයත් මීගමුව, වත්තල සහ ජා ඇළ ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

රටේ බඩු මිල තවත් එහාට ගියොත් ඒක නරක තත්ත්වයක්.ආණ්ඩුව බඩු මිල ඉහලයාම වළක්වාලීමට කටයුතු කල යුතුයි. අපි ආණ්ඩුවට යෝජනා කරලා තියෙනවා බඩු මිල අඩු කිරීම සම්බන්ධයෙන් නමුත් එයට කිසිම සුභදායී ප්‍රතිචාරයක් ලැබිලා නැහැ.

Read More

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය අමාත්‍යධුරයෙන් හා ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය සකස්කර ඇති බව වාර්තා වෙයි. එසේම ඔහු එම ලිපියද රැගෙන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ගොස් ඇති බවද සඳහන් වෙයි.

Read More

වැලිගම පොලිස් වසමේ කප්පරතොට, ඇවරිවත්ත ප්‍ර දේශයේ කුඩා ප්‍රමාණයේ සංචාරක හෝටලයක සිදුවූ පිපිරීම අධි බලැති හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍යයක් නිසා සිදුවූවක් නොවන බවට රජයේ රස පරීක්ෂක තහවුරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.

Read More

සපුගස්කන්ද කසළ ගොඩක් ආසන්නයේ ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පවසයි.

Read More

වැලිගම කප්පරතොට බණ්ඩරවත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක අද (04දා) අලුයම ඇතිවු පිපිරීමකින් තිදෙනෙක් තුවාල ලබා ඇතැයි වැලිගම පොලිසිය පවසයි.

Read More

වත්මන් පාලකයන් ජනතාව රැවට්ටවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ රටේ පාලකයන් මේ දක්වා සිහින බලමින් සිටින බවයි.

Read More

එක රටක් එක නීතියක් සඳහා වූ ජනපති කර්ය සාධක බළකායේ සභාපති ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට එරෙහිව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ඒකක පවසයි.

Read More

රට හැර යන්න ගමන් බලපත්‍ර ලබා ගන්නා පෝලිමේ ‍තරුණයන් සිටි නම් ඔවුන්ට රටට කැඳවාගන්න පුළුවන් ආකාරයේ දේශපාලනයක යෙදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.