saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 208 hours ago

LATEST

ඉන්දුනීසියාවේ භූකම්පනයක්

calendar_today 2025 අගෝ 12 - 17:57 remove_red_eye - 126  

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා කලාපයේ අද(12දා) රික්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන තිබේ.

මෙරට නව පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

Read More

මාස 08කට ආසන්න කාලය තුළදී 62,314ක් අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

මීගොඩ ආටිගල මාර්ගයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ.

Read More

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව අද (12දා) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබේ.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12දා) වරෙන්තු නිකුත් කර තිබේ.

Read More

කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කිරීමට දේශීය ජනතාවගේ හා විදෙස් සංචාරකයන්ගේ පවතින අධික ඉල්ලුම හේතුවෙන් සති අන්තයේ කොළඹ සිට බදුල්ල දක්වා නව දුම්රියක් ධාවනයට ඒක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

Read More

අගමැති ධුරය වෙනස් කිරීමට කිසිදු අදහසක් රජයට නොමැති බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

රාජ්‍ය භාරදීමට සුදුසුකම් සහිත තරුණ ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය හිමිව තිබේ.

Read More

ධීවර කර්මාන්තයේ නියතු ධීවරයන්‍ගේ අවධානය කළමණාකරණය කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩාත් සතුටුදායක තත්ත්වයකට ගෙන ඒමේ අපේක්ෂාව මුල් කර ගනිමින් සයුර නමින් විශේෂ හදිසි අනතුරු රක්ෂණ යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වාදී තිබේ.

Read More

අප්‍රිකානු, ආසියානු වනඅලි සහ හීලෑ අලිඇතුන් රැකබලා ගැනීම, අලි ඇතුන් දඩයම් කිරීම, විකිණීම, අලි වාසස්ථාන ආරක්ෂා කිරීම සහ ගෘහාශ්‍රිත අලිඇතුන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය කටයුතු අරමුණු කරගනිමින් 2012 අගෝස්තු 12 වැනිදා ජාත්‍යන්තර අලි ඇතුන්ගේ දිනය ප්‍රකාශයට පත්කර ඇත.

Read More

පානදුර නගර සභා මන්ත්‍රී සුදත් දමයන්ත මහතා නගර සභාවෙන් සිය මාසික වැටුප පිළිකා රෝගින්ට සහ විදුලි බිල ගෙවාගැනීමට නොහැකිවූ ආර්ථික ගැටළු පවතින අහිංසක ජනතාවට ලබාදීම ඊයේ (11) දින ආරම්භ කෙරිණි.

Read More

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ 11 වෙනිදා සවස 5.30ට පමණ ඔරු ගිය පියෙකු සහ පුතෙකු ඔරුව පෙරළී සිදුවූ අනතුරින් පරාක්‍රම සමුද්‍රයේ ගිලි මිය ගොස් ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.

Read More

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටු ඔය ප්‍රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් රථයක් එකට එක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Read More

හිටපු අමාත්‍ය දයා ගමගේට අයත් බව කියන භාරගම පොලිස් වසමේ මාලිගාතැන්න ගුරුදෙණිය ප්‍රදේශයේ ඉඩමක් මූල්‍ය ආයතනයක් විසින් වෙන්දේසි කිරීමට යාමේදී ඊට බාධා කරමින් බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ මූල්‍ය ආයතනයේ ජේෂ්ඨ කළමනාකරුවෙකු විසින් තලාතුඔය පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ.

Read More

පසු අස්වනු හානිය 30% සිට මේ වන විට 15% - 20% ත් අතර ප්‍රමාණයකට අඩු තැනිමට හැකි වි තිබෙන බවත් ඒ හරහා රටට වසරකට අති විශාල මුදලක් ඉතිරිව බව ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනය සදහන් කරයි’

Read More

කතරගම බස්නායක නිලමේ ලෙස කතරගම දේවාලයේ පුද පඬුරු උපයෝගී කරගෙන ප්‍රජා කටයුතු කළේ ඒ මගින් නැවත බස්නායක නිලමේ ඡන්දයට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් නොවන බවත් දෙවියන්ට පින් ලබාදිමට බවත් ප්‍රජා සංවර්ධන කටයුතු පෙන්වා දේශපාලනයට ඇවිත් පව් පුරවා ගන්න තරම් තමා බෙළෙඳ නොවන බවත් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි. බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ නිල මැදුරේ පැවති හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතරු දෙමින් ඔහු එසේ කීය.

Read More

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය වන බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අද (11දා) ඉදිරිපත් කළේය.

Read More

දුම්රිය දෙපාර්තුමේන්තුව භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි ඇතුළු අබලි යකඩ මෙට්ක්ටොන් 6,000 ක පමණ විශාල ප්‍රමාණයක් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සමාගම් දෙකකට විකිණීමට සූදානම් වන බව දුම්රිය වෘත්තිය සමිති සදහන් කරයි මේ පිලිබදව අද (11) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලක්ද ඉදිරිපත් කර තිබේ.

Read More

හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධුරයේ තවදුරටත් සිටිය යුතු බවට වූ ජනාධිපතිවරයාගේ ස්ථාවරය හේතුවෙන් ජවිපෙ නායකයන් වියරු වැටී ඇති බවත්, ඒ අනුව අපහාස කර අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වන තැනට ’තල්ලු කිරීමට’ ඔවුන් උත්සාහ දරන බවත් පිවිතුරු හෙළ උරුමය නායක, උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

Read More

මහනුවර වෙළෙඳ සංගමයක් විසින් පවත්වාගෙන යනු ලබන මූල්‍ය ආයතනයකට කූඨ ලේඛන ලබාදී රුපියල් කෝටි 02 ක මුදලක් ලබාගෙන එම මුදල් නොගෙවා පැහැර හැරිය බව කියන ව්‍යාපාරිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Rana’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2025 අගෝස්තු 11) උදෑසන ත්‍රිකුණාමලය වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි.

Read More

කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය පැවති දින 11 තුළදී මහනුවර නගරයට එකතු වූ කසල ටොන් 318 ක් මහනුවර මහණකර සභාව විසින් ගුහාගොඩ කසලසල අංගනය වෙත යොමු කළ බව නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය ඒකකයේ ප්‍රධානි සහ ප්‍රධාන ඉංජිනේරු නාමල් ධම්මික දිසානායක මහතා පවසයි.

Read More

යුධ හමුදාවට එරෙහිව උතුරු නැගෙනහිර ප්‍රදේශවල මේ මස 15 වන දින සිදු කරන හර්තාල් ව්‍යාපාරායට ලංකා කම්කරු කොංග්‍රසයේ පූර්ණ සහයොගය ලබා දෙන බව එම පක්ෂයේ මහ ලේකම් ජීවන් තොන්ඩමන් මහතා තීර්ණය කල බව එම පක්ෂයේ මාධ්‍ය නිවේදනයක් සිදු නිකුත් කරමින් සදහන් කරයි.

Read More

ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය, ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන 2025 ජාතික තරුණ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, තරුණ තරුණියන් 6000 කගේ සහභාගීත්වයෙන් 2025.08.12 දා පෙ.ව 10.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Read More

මිහින්තලයේ පිහිටි ඓතිහාසික අනුලා සෑයේ කැණීම් වලදී හමුවූ ගල් පෙට්ටි විවෘත කරන විට, එම පෙට්ටිය තුළින් හමුවූ ගල් මංජුසා ඇතුළු සහ තවත් පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත වටිනා වස්තු වලට සිදු වූයේ කුමක්ද? මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර සොයා බලන ලෙස ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කරන බව මිහින්තලා විහාරාධිපති පවසති.

Read More

සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පැවසීය. එක්සත් රාජධානිය, ප්‍රංශය සහ කැනඩාවට පසුව පලස්තීන රාජ්‍ය නිල වශයෙන් පිළිගන්නා බවට නිවේදනය කළ සිව්වැනි ප්‍රධාන පෙලේ රට වන්නේ ඔස්ට්‍රේලියාවයි.

Read More

සුප්‍රිම් සැට් පුද්ගලික සමාගම විසින් රට තුළ සංසරණය වන වැරදි තොරුතුරු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් අද(11දා) නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

“දැනට අපේ රටේ රටට අවශ්‍ය කිරි වලින් අපි නිෂ්පාදනය කරන්නේ සියයට හතළිහක් පමණයි. සියයට හැටක් විදේශ රට වලින් ගෙන්වනවා.ඒ සඳහා රුපියල් බිලියන 70 පමණ වැය වෙනවා. ඩේරි හබ් ව්‍යාපෘතිය යටතේ ඉදිරි තෙවසර තුළ එසේ ඇදී යන මුදල අවම කිරීමට පියවර ගන්නවා” යැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.