ඉන්ධන රැස් කළ පහකට වැඩ වරදියි
- 23 03 2026
- 08:21
- {{hitsCtrl.values.hits}} views
- ..
නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට - යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.
2026.03.22 වන දින දහවල් කාලයේ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව කෝපායි පොලිස් වසමේ කරන්දන් පාර ප්රදේශයේ පුද්ගලික ගබඩා සංකීර්ණයක් තුල තිබී නීති විරෝධී ලෙස රැස්කර තබාගන්නා ලද ඩීසල් ලීටර් 4240 ක් අඩංගු බැරල් 24ක්, පෙට්රල් ලිටර් 840 ක් අඩංගු බැරල් 05 ක් සහ භූමිතෙල් ලීටර් 390 ක් අඩංගු බැරල් 02 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන යාපනය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. සැකකරු වයස අවුරුදු 42 ක් වන තෝප්පුකාඩු ප්රදේශයේ පදිංචිකරුවෙකි.යාපනය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට - නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය.
2026.03.22 වන දින දහවල් කාලයේ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මහරගම පොලිස් වසමේ පමුණුව ප්රදේශයේදී බලපත්ර නොමැතිව පෙට්රල් ලිටර් 22 ක් රැස්කර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මහරගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. සැකකරු වයස අවුරුදු 44 ක් වන පමුණුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.මහරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට - නිට්ටඹුව පොලිස් ස්ථානය.
2026.03.22 වන දින සවස් කාලයේ නිට්ටඹුව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව නිට්ටඹුව, කම්මල්පිටිය පමුණුව ප්රදේශයේ සිල්ලරබඩු වෙළඳසැලක් තුලදී බලපත්ර නොමැතිව පෙට්රල් ලිටර් 146ක් රැස්කර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 56 ක් වන පස්යාල ප්රදේශයේ පදිංචිකරුවෙකි. නිට්ටඹුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට - නෝර්වුඩ් පොලිස් ස්ථානය.
2026.03.22 වන දින සවස් කාලයේ නෝර්වුඩ් පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව නෝර්වුඩ්, වෙන්චර්වත්ත ප්රදේශයේ වෙළඳසැලක් තුලදී බලපත්ර නොමැතිව ඩීසල් ලිටර් 565 ක් රැස්කර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 53 ක් වන නෝර්වුඩ් ප්රදේශයේ පදිංචිකරුවෙකි.නෝර්වුඩ් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස්කර සන්තකයේ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට - මිනුවන්ගොඩ පොලිස් ස්ථානය.
2026.03.22 වන දින දහවල් කාලයේ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මිනුවන්ගොඩ, කීනගහලන්ද ප්රදේශයේ නිවසක් තුල බලපත්ර නොමැතිව පෙට්රල් ලිටර් 20 ක් රැස්කර සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 53 ක් වන මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.මිනුවන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

