QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව අද (21) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
ඉන්ධන කෝටාව ඉහළ දමා ඇත්තේ පහත පරිදිය..
මෝටර් රථ සඳහා ලීටර් 15 සිට 25 දක්වා ඉහළට
ත්‍රීරෝද රථ සඳහා ලීටර් 15 සිට ලීටර් 20 දක්වා ඉහළට
වෑන් රථ සඳහා ලීටර් 40ක සිට ලීටර් 50 දක්වා ඉහළට
යතුරුපැදි සඳහා ලීටර් 5 සිට ලීටර් 8 දක්වා ඉහළට
බස් රථ සඳහා ලීටර් 60 සිට ලීටර් 100 දක්වා ඉහළට
ඉඩම් වාහන සඳහා ලීටර් 25 සිට ලිටර් 40 දක්වා හළට
ලොරි රථ සඳහා ලබා දුන් ලීටර් 200ක ප්‍රමාණය සහ විශේෂ කාර්ය වාහනය සඳහා ලබා දුන් ලීටර් 40ක ප්‍රමාණය වෙනස් කර නොමැත.