ලොව විශාලතම ස්වාභාවික ගෑස් ක්ෂේත්රයට ඊශ්‍රායෙලය ප්‍රහාර ඒල්ල කිරීමෙන් පැය කිහිපයකට පසුව ඊශ්රායෙල අගමැතිබෙන්ජමි නෙතන්යාහු විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසුවේ මින් ඉදිරියට බලශක්ති සැපයුම් පහසුකම්වලට ප්‍රහාර එල්ල නොකරන බවයි.
ඊශ්‍රා යෙලය මෙම ගෑස් සංකීර්ණයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද සිය විරෝධය ප්‍රකාශ කළේය. එසේම එයට ප්‍රතිචාර ලෙස ඉරානයද මැදපෙරදිගබලශක්ති පහසුකම් වෙත ප්‍රහාර එල්ල කළේය.නෙතන්යාහු තවදුරටත් ඳසහන් කළේ දකුණු පාර්ස් ප්‍රහාරය ඊශ්‍රායලය තනිවම දියත් කළ ප්‍රහාරයක් බවත් එක්සත් ජනපදය ප්‍රහාරය ගැන කල්තියා දැනුවත්වීමක් නොතිබුණ බවයි.