තරංගගේ පාසල් ක්‍රිකට් වාර්තාවක් තරංග ඉදිරියේදීම බිද දමයි
අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර 57 වැනි වරටත් පැවති සුනිල සංග්‍රාමය ක්‍රිකට් තරගය 43 වැනි වරටත් ජය පරාජයෙන් තොරව ඊයේ (22දා) නිමාවට පත්වූවිය. මෙහිදී ධර්මාශෝක විද්‍යාලයීය ආදි ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග 2004 වසරේ ලකුණු 169ක් ලබා මේ දක්වා සුනිල සංග්රාම ක්‍රිකට් තරගාවලය යටතේ වැඩිම ලකුණු ලාභියා ලෙස රැස්කර තිබූ වාර්තාව වසර 22 කට පසුව ධර්මාශෝක විද්‍යාලයේ චන්දූප කවීෂ ලකුණු 205ක් ලබාගනිමින් බිද හෙලුවේ උපුල් තරංග බලා සිටියදී වීම විශේෂයෙන්ම කැපී පෙනුනි.
ලකුණු 205 ලබා ගැනීමට චන්දූප කවීෂ පන්දු 191කට මුහුණ දුන් අතර එහිදී ඔහු හයේ පහර 11ක් සහ හතරේ පහර 14ක් ලබා ගත්තේය. කාසියේ වාසිය දිනූ ධර්මාශෝක විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහරදීමට දේවානන්ද විද්‍යාලයට ආරාධනා කළේය.ඒ අනුව පළමු ඉනිම ක්‍රීඩා කළ දේවානන්ද විද්‍යාලය ඕවර 57.5 කදී සියලුදෙනා දැවී ලකුණු 205ක් ලබා ගත්තේය.
දේවානන්ද විද්‍යාලය පළමු ඉනිම ඕවර 57.5 සියලුදෙනාම දැවී 205
නිසිත් ද සිල්වා 75,සවිනු ගිහන්සිත් 52,දනිදු ඉනෝෂ 25,බිගුන් ඉදුමින 40/2,රෙශිත රුව්ශ්වක 37/3
ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම ඕවර් 64 කදී කඩලු 6 ක් දැවී 366
චන්දූප කවීෂ 205(191)ඔමේග කරුණාරත්න 69,කවීෂ මතීෂ් 38,සුහස් ද සිල්වා 30,සවිනු ගිහන්සිත් 67/2,සෙනුල වින්සර 67/2
දේවානන්ද විද්‍යාලය දෙවැනි ඉනිම ඕවර 62 කදී ලකුණු 226
නිසිත් ද සිල්වා 91,මහීම් දේශාන් 44, තෙනූෂ වීරසිංහ 23,දනිදු ඉනෝෂ 28, කවීෂ සඳරුවන්65/3

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

