යුද්ධය හොඳින් කරනවා, ඉරානයේ කථා කරන්න කවුරුත් නෑ
ඇමෙරිකාව ඉරානයට එරෙහි යුද්ධය ඉතා හොඳින් කරන බව ජනපති ට්‍රම්ප් පවසයි. ධවල මන්දිරයේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව පැවැසීය.
ඉරානයට "තවදුරටත් නාවික හමුදාවක්" නොමැති බවත්, දින දෙකක් තුළ ඉරානයේ නැව් 58 ක් "බිඳ දමා" ඇති බවත්,
ඇමරිකා එක්සත් ජනපදයට "ලෝකයේ ඕනෑම තැනක ඇති ශ්‍රේෂ්ඨතම නාවික හමුදාව" ඇති බවත් ඔහු පැවැසීය
ඔහු පවසන්නේ ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට න්‍යෂ්ටික අවි තබා ගැනිමට කිසිම අවස්ථාවක ඉඩ නොදෙන බවයි.
"ඔවුන් සතුව ඒවා තිබේ නම්, ඔවුන් ඒවා භාවිත කරනු ඇති" යැයි ඔහු කිවේය. ඉරානය සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය වුවත් සාකච්ඡා කිරීමට කිසිවෙක් ඉරානයේ නොමැති බවත් ට්‍රම්ප් පැවැසීය.
"අපිට එයාලත් එක්ක කතා කරන්න ඕන, නමුත් අපිට කතා කරන්න කවුරුත් නෑ' යැයි ඔහු පැවැසීය. ට්‍රම්ප් ඉරානයේ නාවික, ගුවන් හමුදාව, ගුවන් යානා නාශක, රේඩාර් සහ නායකයින් ලැයිස්තුගත කර "ඔවුන් සියල්ලෝම ගිහින්" යැයි පවසයි.
"දැන් කිසිවෙකුට එහි නායකයෙකු වීමට තවදුරටත් අවශ්‍ය නැත," ජනාධිපතිවරයා පවසයි. "අපිට එයාලත් එක්ක කතා
කරන්න ඕන, නමුත් අපිට කතා කරන්න කවුරුත් නැහැ."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

