පොලිස් වසමේ සෙන්මන්කුන්ඩු ප්රදේශයේ ඊයේ (21දා) සවස් කාලයේ පුනරීන් පුද්ගලයෙකු විදුලි සැර වැදී පුනරීන් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට පුනරීන් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු අවුරුදු 37 ක් වන සෙන්මන්කුන්ඩු ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු විසින්ම තම වගා භූමිය සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරයෙන් යොදන ලද විදුලි කම්බියක ගැටී විදුලි සැර වැදී ඇති බවට සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත. පුනරීන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.