saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 221 hours ago

LATEST

ලෝක ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් දඹානේදි

calendar_today 2025 අගෝ 09 - 17:31 remove_red_eye - 101  

අදට (09) යෙදී ඇති ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කර ගැනීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරන අතර එමඟින් ගාසා තීරයේ ජනතාවගේ ප්‍රචණ්ඩත්වය සහ දුක් වේදනා තවදුරටත් උග්‍ර වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කොස්ලන්ද කැලිපාණාවල ප්‍රදේශයේ වගා බිමක් තුළ ඇද තිබූ අනවසර විදුලි රැහැන්නක පැටලී අද (09) පුද්ගලයෙකු සහ මී ගවයකු ජීවිතක්ෂයට පත් වී ඇති බව කොස්ලන්ද පොලීසිය.

Read More

ඕපනායක පොලිස් වසමේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයේ ගිලී දරුවෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. ඊයේ දහවල් කාලයේදී මෙම අනතුර සිදුව තිබේ. අවුරුදු 12ක් වන මෙම දරුවා සිය දෙමාපියන් සමග ප්‍රිය සම්භාෂණයකට එකව සිටියදී තම මිතුරන් සමග පිහිනුම් තටාකයේ ක්‍රීඩා කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

Read More

දිවයිනේ බොහෝ පළාත්වල අද දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කන්ද උඩරට සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර ජනාධිපතිවරයා නරඹෙමින් සිටියදී ඊට ඉහළින් ඩ්‍රෝණ කැමරාවක් ක්‍රියාත්මක කළ විදේශකයකු අත්අඩංගුවට ගෙනන තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ මහතා තෙල් සංස්ථා සේවකයන් මහරගම උද්ඝෝෂණයට පහරදෙන්න ගිය බවට රටේ සමස්ථ ජනතාව නොමග යැවිමේ අරමුණින් කරන ලද සාවද්‍ය ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් සමස්ථ තෙල් සේවකයන්ගෙන් සමාව ඉල්ලා ගතයුතු බවත් ඛණිජ තෙල් පොදු සේවක සංගමයයේ ලේකම් මනෝජ් විජයවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

කළුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන් ගේ වැටුප් වලින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වංචා කළ බව කියන එම ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්ය භාර නිළධාරි මෙන්ම වැටුප් ලිපිකාරිනි ලෙස කටයුතු කළ කාන්තාවක් සහ ඊට අනුබල දී ඇති බව කියන රියදුරකු අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

ශ්‍රී ලංකාවට ආවේණික, ස්භාවික පරිසරයෙන් වඳවී ඇතැයි සලකා නැවත වාර්තා කිරීමට සමත්වූ ශාක විශේෂයක්‌ වන පිනිබෙරලිය(Doona ovalifolia) ශාක විශේෂය සංරක්ෂණය කිරීම සඳහා බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මණ්ඩගල ග්‍රාමසේවා වසමේ වෑවැල්ල ‍දොළ දෙපස පිණි බෙරලිය පැල රෝපණය කිරීමේ වැඩසටහනක් 2025.08.07 වන දින ක්‍රියාත්මක කරනලදී.

Read More

නෝර්වුඩ් පොලිස් වසමට අයත් ඕල්ටන් තේ වත්තේ වතු කම්කරුවෙකුට (08) දින දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී ඇති බව නෝර්වුඩ් පොලිසිය පැවසීය.

Read More

ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (අගෝ. 08) දින රත්තනගොල්ල - ඉඹුල්පේ, බලංගොඩ ප්‍රදේශයේ ඇති වූ හදිසි ලැව් ගින්න මැඩපැවැත්වීම සඳහා ක්ෂණික මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

Read More

වෙඩි වැදී කණ්ඩලම ජලාශයේ මාස හතරකට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි කණ්ඩලමේ හැඩකාරයා නම් වූ වන අලියාට සිංහල බෙහෙත් වලින් ප්‍රතිකාර කිරීම 07 දින පස්වරුවේ සිට ආරම්භ කොට තිබේ.

Read More

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉහළපුලියන්කුලම හා ඒ අවට ප්‍රදේශයට මෑතක සිට රාත්‍රී කාලයට කඩාවදින ඇතෙකු සිදුකරන පහරදීම් ,අනතුරු හා දේපොළ හානි හේතුවෙන් එහි ජනතාව භීතියට පත්වී සිටිති.

Read More

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් විශ්වාසභංගයක් ගෙන ඒමට තීරණය කර තිබේ.

Read More

ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අද (08) රාත්‍රීයේ යෙදෙන සුබ මොහොතින් සිදුවේ.

Read More

ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන්,ආණ්ඩුකාරවරුන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි වාහන විකිණිම සදහා මිල ගණන් කැදවා තිබේන බව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මුල්‍ය කාර්යාලය කියයි.

Read More

අද දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පොලිස්පති ධූරය සඳහා වර්තමාන වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම එවා ඇති අතර, එම නම රැස්වීමේ අවසන් අවස්ථාවේ ලැබී ඇති බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම මීළඟ දිනයට ගැනීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් තීරණය කර ඇති බවද වාර්තා විය.

Read More

භෝග වගාවන් 06 කට අදාළව 2024/2025 මහ කන්නයේ වගා හානි වන්දි වශයෙන් මෙම වසරේ රුපියල් මිලියන 1484 ගෙවා අවසන් කර තිබෙන බව කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

Read More

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන රැසක මොළේ උණ රෝගය වළක්වා ගැනීම සඳහා ලබාදෙන Meningococcal vaccine එන්නත නොමැති වීම නිසා විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ පිරිස්වලට දුෂ්කරතාවන්ට මුහුණබොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුළු ආයතන රැසක මොළේ උණ රෝගය වළක්වා ගැනීම සඳහා ලබාදෙන Meningococcal vaccine එන්නත නොමැති වීම නිසා විදෙස්ගත වීමට බලාපොරොත් පෑමට සිදුව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

2014 හා 2017 වසරවලදී සබරගමු පළාත් මහ ඇමති ලෙස කටයුතු කළ මහීපාල හේරත් මහතා මාසිකව තමන්ට හිමි ඉන්ධන දීමනාවටට අමතරව තවත් ඉන්ධන ලීටර් 3000ක් ලබාගෙන ඇති බව කෝපා කමිටුවේදී අණාවරණය විය.

Read More

රේගුව භාරයේ රඳවාගෙන සිටින බී.වයි.ඩී වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ අද (07) එකගතාවය පළ කළේය.

Read More

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින , ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට එරෙහි විමර්ශනය සමථයකට පත් නොකරන බවත් ඇයට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන බවත්, අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මියට අද (07දා) දැනුම් දුන්නේය.

Read More

මේ වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවැනි පාසල් වාරය අද (07දා) අවසන් විය.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර සඳහා දීර්ඝ කාලයක් දායකත්වය දෙමින් අලංකාර කළ අලි ඇතුන් 27 දෙනෙකුට සම්මාන පළඳනාවන් පිළිගැන්වීමක් දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්විණි.

Read More

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ’’ඉදිරි දිනවලදී’’ හමුවීමට එකඟ වී ඇති බව ක්‍රෙම්ලිනය ප්‍රකාශකයෙක් පවසා තිබේ.

Read More

මාදුරුඔය රක්ෂිතයේ ඇබලවත්ත ප්‍රදේශයේ තිබී වන අලි සිරුරක් අද 07 උදෑසන හමු වූ බව මහියංගණය පොලිසිය පැවසීය.

Read More

නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සහ නගරයට පැමිණෙන වාහනවලට අවහිරවන සේ අයාලේ සැරි සරණ පෝනියන් අල්ලා ගාල් කිරිමට පියවර ගත් බව නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා පැවසීය.

Read More

වාහන වෙනුවෙන් මේ වන විට පවතින බද්ද විශාල බවත් තවදුරටත් වාහන බදු ඉහළ නොදමන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

සුප්‍රීම් සැට් සමාගම සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට ලබාදුන් තොරතුරු නිවැරදි නොවන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

රුපියල් දොළොස් කෝටි දහසය ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු 08/07 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.