සපුගස්කන්ද ලොකු කරන්න රු මි 1684ක් වැය කළත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙලා නෑ
බලශක්ති සුරක්ෂිතතාවය වැඩිදියුණු කිරිමේ අරමුණින් සපුගස්කන්ද පිරිපහදුව පුළුල්කර දෙවන පිරිපහදුවක් ඉදිකිරිමට ශක්‍යතා අධ්‍යයනයක් ඇතුළු ඉඩම් අත්පත්කර ගැනිම සදහා රුපියල් මිලියන 1,684.53 මුදලක් වැයකොට තිබුණද එකි ව්‍යාපෘතිය මේවනතෙක් ක්‍රියාත්මක කර නොතිබු බව අනාවරණය වි ඇත.
මෙහි ශක්‍යතා අධ්‍යයනය කිරිම සදහා 2021 වර්ෂයේ දි රුපියල් මිලියන 171.39 ක වියදමක් දරා තිබුණි. පිරිපහදුව නවිකරණය කිරිම හෝ පුළුල් කිරිම සම්බන්දයෙන් කිසිදු භෞතික ප්‍රගතියක් දක්නට නොලැබුණු බවද විගණනය මගින් ද අනාවරණය කොට ඇත. මෙකි ව්‍යාපෘතිය සදහා අත්පත්කරගත් ඉඩම නිෂ්කාර්යව හා ප්‍ර යෝජනයට නොගෙන පවතින අතර එම ඉඩම ආර්ථික වශයෙන් පලදායි කටයුත්තක් සදහා ඛනිජතෙල් සංස්ථාව විසින් යොදාගෙන නොතිබුණි. පිරිපහදු කළ
මෙරටට බොරතෙල් සහ ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය කිරිම සදහා වසරකට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 4,233ක් පමණ වැයවේ. එය ශ්‍රිලංකාවේ මුළු ආනයන වියදමෙන් සියයට 25.2කි. මින් ඇමරිකානු ඩොලර් මිලියන 3,095.50ක් පිරිපහදු කළ ඛනිජතෙල් නිෂ්පාදන සදහා වැයවේ. පිරිපහදු කළ ඛනිජතෙල් නිෂ්පාදන සදහා වන දේශිය ඉල්ලුම සපුරාලිමේ දි සපුගස්කන්ද පිරිපහදුව මගින් සියයට 25න් පමණ සපයනු ලබන අතර සියයට 75ක් ආනයනය මගින් සපුරාගනු ලබයි.
මේ සම්බන්දයෙන් බලශක්ති අමාත්‍යංශය සදහන් කරන්නේ වත්මන් රජය බලයට පත්විමෙන් පසු දිනකට බැරල් 1,0000 පිරිපහදු ධාරිතාවයක් සහිත නව පිරිපහදුවක් ඉදිකිරිම සදහා ජාත්‍යන්තර් සමාගම් වෙතින් අභිලාෂ කැදවා ඇති බවය. ඒ සදහා අභිලාෂ 20ක් පමණ ලැබි ඇති අතර මේවනවිට එම ලේඛන ගොනු ඇගයිම් කටයුතු සිදුකරමින් පවතින බවද බලශක්ති අමාත්‍යංශය පෙන්වාදෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

